Categories

විද්‍යාඥයන් විසින් හෘද ස්පන්දනය සහ රුධිරයේ අංශු සහිත ආදර්ශ මිනිස් කළලයක් නිර්මාණය කරයි

මානව සංවර්ධනයේ මුල් අවධිය පිළිබඳ වටිනා තොරතුරු සහ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් හෘද ස්පන්දනය සහ රුධිරයේ අංශු සහිත ආදර්ශ මිනිස් කළලයක් (වර්ධනයේ මුල් අවධිය )කෘතීමව නිර්මාණය කර තිබෙනවා.

මෙම කෘතීම කළලය නිර්මාණය කර තිබෙන්නේ ඩිම්බ, ශෘක්‍රාණු හෝ සංසේචනයකින් තොරව මිනිස් ප්‍රාථමික සෛල වලිනුයි.

The synthetic structure was created from human stem cells without the need for eggs, sperm or fertilisation (file photo)

මෙම කෘතීම කළලය ගැබ් ගැනීමේ තුන්වන සහ සිව්වන සතිවල දිස්වන සෛල සහ ව්‍යුහයන් ප්‍රතිනිර්මාණය කළත්, එය කිසි විටක සම්පූර්ණ කළලයක් දක්වා (උපතක් ලබා දීමට ) වර්ධනය වීමට හැකියාවක් නොමැති ලෙස නිර්මාණය කර තිබෙනවා.

එසේම ඔවුන් පවසන්නේ හෘද ස්පන්දනය තිබුණත්, ස්වභාවික කළලයක ඇති විශේෂිත පටක (Placenta සහ yolk sac වැනි ) මෙම ව්‍යුහයේ නොමැති බවයි.

 

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ Gurdon ආයතනයේ ආචාර්‍ය Jitesh Neupane පවසන්නේ මේවා මානව සංවර්ධනයේ විශේෂ පැතිකඩයන් සොයා බැලීමට භාවිතා කළ හැකි ආකෘති පමණක් බවත් ඔවුන් සැබෑ කළල සෑදීමට උත්සහ නොකරන බව අවධාරණය කිරීමට කැමති බවයි.

“මම පළමු වතාවට හෘද ස්පන්දනය දුටු විට අවංකවම බය වුණා” යනුවෙන් නියුපන් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ව්‍යුහයන් ස්වභාවික කළලවලට කෙලින්ම සංසන්ධනය කිරීම භයානක බවත් කළලවල සියලුම ලක්ශණ ව්‍යුහ වලට නොමැති බවත් ඔහු අවධාරණය කර තිබෙනවා.

Despite the heartbeat, the structure does not have the tissues that go on to form the placenta and yolk sac in a natural embryo (file photo)

ශරීරයේ ඕනෑම සෛලයක් බවට පත් විය හැකි මිනිස් කළලයකින් ලබාගත් හිස් සෛල (ප්‍රාථමික සෛල) හරහා මෙය සාර්ථක කරගත් බවටයි The guardians සඳහන් කරන්නේ.

විද්‍යාඥයන් පවසන්නේ මේ හරහා ගබ්සා වීම් වලට හේතු සහ ජානමය ආබාධවල බලපෑම් ගැන වැඩි අවබෝධයක් ලබාගත හැකි බවටයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.