Categories

Monkeypox වෛර්සය මිනිසුන්ට ආසාදනය වීම සඳහා වේගයෙන් පරිණාමය වන බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි

Monkeypox වෛරසය දිගින් දිගටම විකෘති වෙමින් මිනිසුන් අතර ව්‍යාප්ත වීම නිසා මෙම වෛරසයෙහි තවත් බෝවන ප්‍රභේදයක් මතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවා තිබෙනවා.

බ්‍රිතාන්‍යය පර්‍යේශකයන් පවසන්නේ මෙම වෛරසය 2018 දි ඇති වූවාට වඩා ඉහළ අනුපාතයකින් විකෘති වෙමින් පවතින බවයි.

Our Statement on Monkeypox: Infection, Vaccines, and Treatment for Pregnant  or Breastfeeding Women | InfantRisk Center

මෙහිදී පර්‍යේශණ මගින් සොයාගෙන තිබෙන්නේ, වෛරසය විකෘති වීම වැළැක්වීම සඳහා මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් නිකුත් කරන ජානයක් කෙරෙහි මෙම නවතම වෛරස විකෘති වීම් අවධානය යොමු කර තිබෙන බවටයි. මෙය ප්‍රතිශක්තිය මග හැරීම සඳහා උපකාරී වෙනවා.

science සඟරාවේ ප්‍රකාශයට පත් කළ අධ්‍යනයකදී පර්‍යේශකයන් විසින් 2018 – 2022 කාළ වලදී පැතිරී ගිය Monkeypox කාණ්ඩ සංසන්ධනය කළ අතර, එහිදී ඔවුන් සොයාගත්තේ මෙම වෛරසයෙහි විකෘති වීමේ වේගය, ඉහළ මට්ටමක තිබෙන බවටයි.

Is There a Treatment for Monkeypox? | Poison Control

එසේම ඔවුන් සොයාගත්තේ Monkeypox වෛරසය, APOBEC31 ලෙස හඳුන්වන මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ එන්සයිම ඉලක්ක කරමින් විකෘති වෙමින් පවතින බවයි.

මෙහි භයානකත්වය වන්නේ මේ හරහා වෛරසය පාලනය කිරීම දුෂ්කර වනවා සේම එය වඩාත් පහසුවෙන් මිනිසුන් අතර පැතිර යා හැකි නිසයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.