Categories

Windows 10 වල Start menu එක windows 11 වලට ගමු.

දැනට මේක ලියන අතරතුර වෙනකම් පරණ start menu එක 11 වලට ගන්න Registry Editor එක පාවිච්චි කරන්න වෙනවා.
කොහොම උනත් Windows 11 users ලට මේක සරලව කරගන්න Microsoft විසින් Settings වල අලුත් Toggle එකක් එකතු කරයි කියලා අපේක්ෂා කරන්න පුලුවන්.
Microsoft එකතු කලහොත් ඉක්මනින් Update එකක් අපි අරන් එනවා.
එතෙක් බලමු Registry Editor එකෙන් කොහොමද කරන්නෙ කියලා.

1. සර්ච් බාර් එකේ “Regedit” ගහලා සර්ච් කරලා ඕපන් කරගන්න.නැත්තම්, “Ctrl+R”
Shortcut එකෙන් “Run” එක ඕපන් කරගෙන “Regeit” ටයිප් කරලා ඕපන් කරගන්න.

2. Registry editor එකෙන් පහල තියන path එකට යන්න.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced

3.දැන් ඒකෙ හිස් ඉඩක රයිට් ක්ලික් කරලා
New -> DWORD(32-bit) value එක තෝරගන්න.

4.දැන් ඔයාට ඒ Value එකට නමක් දාන්න එනවා.ඒකට මේ නම දීලා enter කරන්න.
“Start_ShowClassicMode”

5.ඔයා හදාගත්තු Value එක උඩ ඩබල් ක්ලික් කරන්න. දැන් ඒකෙ value data එකට “1” ගහලා ok දෙන්න.

ඒ වගේම ඔයාලට ආපහු අලුත් Start Menu එකට යන්න ඕනි නම් මෙතන Value එක 0 දීලා OK කරන්න.

6.ඔයා මේක හරියට කරානම් අලුත් Start menu එකේ දකුණු පැත්තෙ යටම Restart option එකක් දකින්න පුලුවන්.

7. දැන් ඔයාලට Windows 11 වල Live tiles එක්ක පැරණි Windows 10 start menu එක බලාගන්න පුලුවන්.

ඔයාලට මේක වම් පැත්තට ගන්න ඕනි නම් මේ විදිහට කරන්න.

Move taskbar to the left

1.Settings ඕපන් කරගෙන ” personalization” එකට යන්න.

2. Personalization යටතේ ඇති Taskbar එකට යන්න.මේකෙදි ඔයාලට පේනවා Taskbar alignment ඔප්ෂන් එක ඒකෙන් Left එක තෝරලා දෙන්න.

3. දැන් ඔයාලට පෙනෙය් Start menu එක වම් පැත්තට ඇවිල්ලා තියෙනවා.