Categories

Android tips and tricks 01

Android කියන්නේ පොඩි හැබැයි සුපිරි operating system එකක්. මේ operating system එක ඇතුළේ හිතාගන්නවත් බැරි වගේම කාලයත් ඉතුරු කරගන්න පුලුවන් features ගොඩක් ඇතුළත් කරලා තියෙනවා. ඔයාල දැනටමත් ඒවගෙන් සමහර features දන්නවා වගේම සමහර features දන්නේ නැහැ. ඉතින් පහළින් තියෙන්නේ ඒ වගේ සුපිරිම features කිහිපයක්.

01. Assistant menu

assistant menu කියන්නේ features ගොඩක් එක ටැප් එකකින් හසුරවන්න පුලුවන් menu එකක්. මේ Assistant menu එකෙන් ඔයාට ඔයාගෙ sreen lock/unlock කරන්න, flashlight on කරන්න, screenshot ලබාගන්න වගේ ගොඩක් දේවල් ලේසියෙන්ම කරගන්න පුලුවන්.

How to enable assistant menu

  • setting app එක ඕපන් කරන්න
  • Accessibility වලට යන්න
  • දැන් assistant menu කියන එක on කරන්න.
  • assistant menu නැත්තම් interaction and dexterity කියලා එකක් ඇති. ඒක ඕපන් කරහම ඇතුලෙ ඇති assistant menu එක. ඒක on කරගන්න.

02. find my device

ඔයාගේ ෆෝන් එක නැති උනොත් හරි සොරකම් කරොත් හරි හොයාගන්න පුලුවන් feature එකක් android වල වගේම os වලත් තියෙනවා. මේක on කරලා තිබ්බොත්, ඔයාගෙ ෆොන් එක හදිසියෙ හරි නැති උනාම හොයාගන්න පුලුවන්.

how to enable find my device

  • settings app ඕපන් කරගන්න
  • security වලට යන්න
  • එතන තියෙන find my device on කරගන්න

03.one handed mode

one handed mode කියන්නේ විශාල දුරකථන තියන අයට ඔවුන්ගෙ දුරකථනය තනි අතකින් භාවිතා කරන්න පහසුකම් සලසන feature එකක්. මේක කරන්න ඇන්ඩ්‍රොයිඩ් විසින් screen එක එක පැත්තකට පොඩි කරලා මහපට ඇගිල්ලට සමීප කරනවා. (ඉහළ ෆොටෝ එකේ විදියට )

how to enable one handed mode

  • settings ඕපන් කරගන්න
  • advanced feature වලට යන්න. ( advanced feature නැත්තම් Accessibility ඇතුලේ advanced feature ඇති)
    එතනින් one handed mode enable කරගන්න.

 

04. Digital wellbeing

ඔයා මොන ඇප් එකද පාවිච්චි කරන්නේ, කොච්චර වෙලාවක් ඇප් පාවිච්චි කරනවද, ඒවා නවත්තගන්නේ කොහොමද කියලා බලාගන්න මේකෙන් හැකියාව තියෙනවා.

how to enable wellbeing

  • settings app ඕපන් කරගන්න
  • digital wellbeing & parental control ටැප් කරන්න.

05.Adaptive brightness

adaptive brightness කියන්නේ විවිධ පරිසර ආලොකයන් මත පදනම්ව ඔයාගෙ screen එක dark හෝ bright කරන විශේශාංගයක්.

ස්වයංක්‍රීයව මේ adjustment කරන්න device එක මගින් ambient light sensor භාවිතා කරනවා.

how to enable adaptive brightness

 

  • settings app ඕපන් කරගන්න.
  • display වලට යන්න.
  • adaptive brightness on කරගන්න

 

 

මේ තියෙන tricks හදාගන්න තියෙන steps සමහර ෆෝන් වලට වෙනස් වෙන්න පුලුවන්. එහෙම තියෙනවනම් comment එකක් දාන්න. ඒවගේම ඊළග article එකෙන් තවත් මේ වගේ features කිහිපයක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.