Categories

Facebook , WhatsApp හරහා නිරුවත් පිංතූර, අසභ්‍ය වීඩියෝ බෙදා ගත්තොත් වැඩ වරදි…

‘නිරුවත් පිංතූර, අසභ්ය වීඩියෝ, අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරීම සහ වට්ස්ඇප් ඔස්සේ බෙදා හරින ගෲප්’ පිලිබද පොලිසියේ අවධානය….
කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් (කණ්ඩායම්) ඔස්සේ නිරුවත් ඡායරූප, අසභ්ය වීඩියෝ දර්ශන, නිල් චිත්රපටි හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා පවසනවා.
අපරාධ හා රථවාහන අංශයේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලෙස නීතිඥ අජිත් රෝහණ පසුගියදා වැඩ භාර ගත් අතර ඒ සමග, අන්තර්ජාලය තුළ සැරිසරමින් අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් පරිගණක අපරාධ ඒකකය, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ළමා හා කාන්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා කියා සිටියා.
අන්තර්ජාලය වෙත මුදා හැරෙන නිරුවත් දර්ශන සහිත හෝ අතිශය පුද්ගලික දර්ශන සහිත වීඩියෝවලට අදාළ යොමු (Link) ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීම් ඇතැම් විට සමාජ ජාල තුළ ද දැකිය හැක. ශ්රී ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ අසභ්ය ප්රකාශන බෙදා හැරීම, තව කෙනෙකුට දීම වරදකි. විශේෂයෙන් දණ්ඩ නීති සංග්රහයේ 286 වෙනි වගන්තිය යටතේ ළමුන්ගේ අසභ්ය දර්ශන, වීඩියෝ පට, ඡායාරූප බෙදා හැරීම වරදක්. ඒ වගේම අසභ්ය ප්රකාශන පනත යටතේත් එය වරදක්, එවැනි නිරුවත් ඡායාරූප, නිල් චිත්රපට, වීඩියෝ දර්ශන තව කෙනෙකුට යැවීම, ෆෝවර්ඩ් කිරීම, ෂෙයාර් කිරීම එම නීතීන් යටතේ වරදක් බවට පත් වෙනවා,” යනුවෙන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා අවධාරණය කරනවා.