Categories

Joker virus ආසාධනය වූ ඇප් 8ක් play store තුලින් ඉවතට

google play විසින් joker virus ආසාධනය වූ යෙදුම් 8ක් play store තුළින් ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම මේ යෙදුම් භාගත කරලා තියෙනවනම් වහාම ඉවත් කරන ලෙසත් ඔවුන් පවසා තිබෙනවා.

මේ trojan spyware virus මගින් contact,sms වැනි තොරතුරු හැක් කල හැකි බව සහ ගෙවීම් සේවා ලබා දෙන වෙබ් අඩවි ( paid service web sites)තුළ ඔබව ලියාපදිංචි කරන බව සයිබර් ආරක්ශක සමාගමක් වන ක්වික් හීල් ආරක්ශක විද්‍යාගාරය පවසා තිබෙනවා.

joker virus ආසාධනය වූ යෙදුම් ලෙස:-
1.Auxiliar message
2.Element scanner
3.Fast magic sms
4.Free camscanner
5.Go messages
6.Super message
7.Great sms
8.Travel wallpapers

මේ වයිරසය මුලින් සොයාගනු ලැබුවේ 2017 වසරේදියි. එතැන් සිට මේ දක්වා වයිරස් ආසාධනය වූ යෙදුම් 1700ක් පමණ google play විසින් ඉවත් කර තිබෙනවා.

smartphone භාවිතා කරන්නන් හට ක්වික් හීල් ආරක්ශක විද්‍යාගාරය පවසන්නේ විශ්වාසදායක මූලාශ්‍ර මගින් පමණක් යෙදුම් භාගත කරන ලෙස සහ පණිවිඩ මගින් ලැබෙන link ක්ලික් නොකරන ලෙසයි.

WRITTEN BY Chamika Sahan Nimesha