Categories

Twitterහි මසකට ඩො.2.99ක premium subscription සැලසුමක්

ඔයාලා දන්නවා Twitter usersලා අවුරුදු ගානක් තිස්සෙ ඉල්ලපු දෙයක් තමයි Edit button එකක් තමන්ගෙ ට්වීට් එඩිට් කරගන්න. දැන් ඉතින් ඒක ඉෂ්ට වෙන්න ආසන්නයි කියලා කියන්න පුලුවන්.

Jane Manchun Wong කියන්නෙ සමාගම් වලට කලින් නව විශේෂාංගයන් ගැන හෙලි කරපු කෙනෙක්, ඉතින් එයා හොයාගෙන තියනවා Twitter subscription service එකක් සැලසුම් කරනවා කියලා.
මේක හදුන්වන්නෙ Twitter Blue කියලා සහ මේකෙ මිල මසකට ඩොලර් 2.99ක්.

දැන් බලමු මේ subscription එකේ තියන feature මොනාද කියලා..

 

 

 

•Undo button
ඔයා tweet එකක් දාද්දි undo button එකක් ඩිස්ප්ලේ වෙනවා තත්පර කීපයක් යනකම්.මේකෙදි ඔයාලට පුලුවන් තමන්ගෙ අදහස වෙනස්කරගන්න ඕනි නම් සහ tweet එක live යන එක නවත්තන්න.

• Collection
මෙයින් ඔබේ කැමතිම Tweet එකතුකරගන්න පුලුවන්, හරියට වෙබ් බ්‍රවුසර් එකක bookmark එක වගේ. Collection එකේදි ඔයාලට පෙන්නන්නෙ tweet වලින් පිරුනු folders.

මේ subscription එක හැම මාසෙකදිම අලුත් වෙනව වගේම අපිට ඕනිම වෙලාවක cancel කරන්න උනත් පුලුවන්.

කොහොම උනත් Twitter subscription ගැන හෙලි කරපු පලවෙනි වතාව මේක නොවුනට අවශ්‍ය උනු දේවල් ගැන නිශ්චිතව තොරතුරු ඇතුලත් කරපු පලවෙනි අවස්ථාව මේක.

තවමත් මේක ගැන නිල වෂයෙන් සදහන් කරලා නැති නිසා නිල වශයෙන් තහවුරු කරනකම් බලන් ඉන්න වෙනවා.

 

source https://www.pcmag.com

 

Article written by Sahan Nimesha Samarakoon