Categories

CAPTCHA පිස්සුව ඉවර වෙයිද…?

No description available.

Cloudflare පැවසුවේ “CAPTCHA” අවසන් කිරීමට කාලය පැමින ඇති බවයි.
ඒ සදහා ආදේශකයක් ලෙස නව security key-based එකක් යොදාගන්නවා කියලා තමයි කියන්නෙ.

No description available.

“CAPTCHA” ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති, මොකද හුගක් ⁣සයිට් වල මේක verified කරන්න ඕනි හිංදා.

ඔයා මොනම හරි ⁣වෙබ් සයිට් එකකට යනකොට ඔයා මිනිසෙක් කියලා verify කරන්න ඔයාට ටෙස්ට් එකක් එනවා.
මේකෙදි පිංතූර ටිකකින් (9ක් වගේ) බොහෝවිට බස් එකක් ,Traffic ලයිට් එකක් වගේ දෙයක් තෝරලා verify කරන්න තියෙන්නෙ.

use කරපු හැමකෙනාටම එක පාරක් හරි ⁣වැරදිලා ඇති මේක මොකද Traffic ලයිට්,බස් වගේ හැම එකක්ම සම්පූර්ණ පොටෝ එකකට වැදිලා නැති හිංදා..
(පොඩි කො⁣ටසක් හරි අනික් පොටෝ එකට වැදිලා තියෙන්නෙ)

“Completely Automated Public Turing test to tell Computers and Humans Apart”
එකේ කෙටි වචනෙ තමයි CAPTCHA කියන්නෙ.

 

“ CAPTCHA සම්පූර්ණයෙන් ඉවත් කිරීම වෙනුවට “Cryptographic Attestation of Personhood” යනුවෙන් හඳුන්වන පද්ධතියක් භාවිතා කරමින් උපකරණයක් ස්පර්ශ කිරීමෙන් හෝ බැලීමෙන් Human verified කිරිමට නව ක්‍රමයක් ආදේශ කරනව කියලයි Cloudflare පවසන්නෙ

තාමත් පරික්ෂන මට්ටමේ තියෙන නිසා මෙය වැඩකරන්නේ YubiKeys වැනි සීමිත USB security keys සදහා පමණි.

නමුත් ඔබට කම්පැනියෙ වෙබ් සයිට් එක මගින් Cloudflare’s system එක පරික්ෂා කරන්න පුලුවන්.
Click here to check
“https://cloudflarechallenge.com/”

මේකෙදි වෙබ් සයිට් එකේ එන Im human බටන් එක click කරන්න ඕනි එතකොට
Security key එක තොරගන්න පියවර
කිපයක් පිලිපැදලා click කල සැනින් සයිට් එකට පිවිසෙන්න පුලුවන්. සමස්ත ක්‍රියාවලියටම තත්පර කීපයක් ගතඋනත්
බස්,ට්‍රැෆික් ලයිට් වගේ ප්‍රෙහෙලිකා නැති එක ගැන සතුටුවෙන්න පුලුවන්.

දෘෂ්‍ය ආබාද ඇති අයට CAPTCHA සම්පූර්ණ කිරිමට නොහැකි නිසා මෙම නව ක්‍රමයට විශාල ප්‍රවේශයක් ලබාගන්න පුලුවන් කියලා Cloudflare සදහන් කරනවා.

 

Article written by  Sahan Nimesha Samarakoon