Categories

3D printing තාක්ෂනය යොදාගනිමින් AI මගින් නිර්මාණය වන විශාලතම වේල්ල

 

මිනිසුන් වසර ගණනාවක් තිස්සේ ත්‍රිමාණ මුද්‍රණ ශිල්පීය ක්‍රම සමඟ විවිධ ව්‍යුහයන් ගොඩනගන්න සමත් වුනා. එහි තවත් ඉදිරි පිම්මකට සූදානම් වන පර්යේෂකයන් කණ්ඩායමක් AI මත පදනම් වූ මෙම ඉදිකිරීම් නව පරිමාණයකට රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව බීජිං හි Tsinghua විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ත්‍රිමාණ මුද්‍රණ ක්‍රම භාවිතා කරමින් අඩි 600කට ආසන්න උසකින් යුත් වේල්ලක් ඉදිකිරීමේ සැලසුමක් මෑතකදී එළිදක්වා තිබුණා.
පර්යේෂකයන් සැලසුම් කර තිබෙන්නේ දැනට ටිබෙටි සානුවේ yellow River හරහා ඉදිවෙමින් පවතින අඩි 590 Yangqu ජලවිදුලි බලාගාරය ස්වයංක්‍රීය කාලසටහන් පද්ධතියක් සමඟ ඒකාබද්ධව AI මඟින් ධාවනය වන රොබෝවරු, කැණීම් යන්ත්‍ර, ට්‍රක් රථ, බුල්ඩෝසර්, පේවර් සහ අනිකුත් වාහන යොදා ගනිමින් නිම කිරීමටයි.

වේල්ල ඉදිකිරීමට කිසිම මනුෂ්‍යයෙක් ඍජුව සම්බන්ධ නොවන අතර AI විසින් ව්‍යාපෘතියේ ත්‍රිමාණ ආකෘතියක් කොටස්වලට වෙන්කර, පසුව සෑම කොටසක්ම මිනිසුන් රහිත යන්ත්‍රවලට අනුපිළිවෙලින් පවරනු ලබයි.
මෙහිදී AI විසින් ස්වයංක්‍රීයව ද්‍රව්‍ය එකතු කිරීම, ධාවන මාර්ග සැකසීම හා ස්ථානගත කිරීම මෙන්ම
ගොඩනැගීමේ ගුණාත්මකභාවය තීරණය කිරීම සඳහා කම්පන විශ්ලේෂණය කිරීමද සිදුකරනු ලබනවා.

වේගයේ හා පිරිවැයේ වාසි හැරුණු විට, යන්ත්‍රවලට අඩු ඔක්සිජන් මට්ටම් තුල පවා පැය විසිහතරේම වැඩ කල හැකි වීම, අනතුරුවලට වඩා හොඳින් ඔරොත්තු දිය හැකි වීම හා වැරදි සිදුවීමේ සම්භාවිතාව අඩුවීම නිසා මෙලෙස AI යොදාගැනීම ඉතා වාසිදායක වනවා.
මෙහි ඇති එකම අවාසියනම් මෙලෙස දැවැන්ත ව්‍යාපෘතියක් නිසා ලැබෙන විශාල රැකියා ප්‍රමාණය අහිමි වීමයි.

වේල්ල 2024 දී නිම කිරීමට නියමිත අතර හෙනාන් පළාතට කිලෝවොට් පැය බිලියන 5 කට ආසන්න විදුලියක් මෙමගින් ලබා දීමට නියමිතයි.

 

The Wisdom Bay bridge

එලෙසම පසුගිය වසරේ ෂැංහයි හි තවත් විශාල ත්‍රිමාණ මුද්‍රණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන Bluetooth මගින් ක්‍රියාත්මක වන මිනිත්තුවකින් දිග හැරිය හැකි අඩි 30පමණ දිග The Wisdom Bay පාලම ලැබූ සාර්ථකත්වය හේතුවෙන් චීන රජය මෙම යෝජනාවටත් අවසර ලබාදෙනු බව නොඅනුමානයි.

 

Source –techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.