Categories

කැලිෆෝනියාව විසින් නියගයට මුහුණ දෙන්න ඇළ මාර්ග වල $20M solar panels සවි කරයි

නියඟ තත්වයන්ට එරෙහිව මුහුණ දීමේ උත්සාහයක් ලෙස ඇළ මාර්ග මත සූර්ය පැනල සවි කරන පළමු ප්‍රාන්තය බවට කැලිෆෝනියාව පත් වෙලා තියෙනවා. ප්‍රොජෙක්ට් නෙක්සස් ලෙස නම් කර තිබෙන මේ ව්‍යාපෘතියට ටර්ලොක් වාරිමාර්ග දිස්ත්‍රික්කයේ (TID ) ඇල මාර්ග කොටස් තුනක් මත ඇස්තමේන්තුගත අඩි 8,500 ක සූර්ය පැනල සවි කිරීම ඇතුළත් වෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් කැලිෆෝනියාව, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වැඩි කිරීමට සහ ඇළ මාර්ගවල ජල වාෂ්පීකරණය අඩු කිරීමට බලාපොරොත්තු වන අතර ආවරණය කරන ලද ඇල මාර්ගවල අඩු ශාකමය වර්ධනයක් හරහා ජලයේ ගුණාත්මක වැඩිදියුණු කිරීම් සහ නඩත්තු වියදම්ද අඩු කිරීමට අපේක්ෂා කරනවා.

එසේම එරට රජය පවසන්නේ ගොඩබිම වෙනුවට ජලය මත පැනල් තැබීමෙන් ඒවා වඩාත් කාර්යක්ෂම කිරීමෙන් සිසිල්ව තබා ගත හැකි බවයි.

source
TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.