Categories

Coding වලට තිත.! MICROSOFT එහි POWER PLATFORM COPILOT දියත් කරයි.

කලින් ලිපියෙන් අපි කතාකලා Microsoft Word, powerpoint වගෙ office 365 දේවල් වලට AI මගින් ඇති කරපු බලපැම. ඒවගේම එයින් තමන්ට ඕන දේ සරලව ටයිප් කිරිමෙන් ඔබට අවශ්ය letter එකක්, presentaion එකක් AI මගින් නිපදවාගන්න පුලුවන්.ඉතින් App develop ක්ෂේත්රයට මේක ගෙනෙමින් Microsoft ඉතා සරල පැහැදිලි කිරීමකින් තමන්ට අවශ්ය App එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව දැන් ලබාදී තිබෙනවා.

ඒ එහි Power apps වෙත AI එක් කිරීම සමගින්.

Copilot කියන්නෙ Microsoft Power Platform හි අලුත් විශේෂාංගයක්. Power Platform එක Application Develop කිරීමට ඉඩ ලබාදෙන Power Apps, Power Automate හා Power Virtual Agent ලෙස කොටස් තුනකින් යුක්තයි. AI මගින් බලගැන්වුනු මෙයින් දැන් Developer හට GPT සමග කතා කරමින් ඔවුන්ට නිර්මාණය කිරීමට අවශ්ය යෙදුම විස්තර කල හැකියි.

Copilot හට තත්පර කිහිපයකින් එය ගොඩනගා එය වැඩිදියුණු කිරීමට උපදෙස් පවා යෝජනා කළ හැකියි. Power Apps Power Platform Copilot සමඟින්, devs විසින් කළ යුත්තේ සරල ස්වභාවික භාෂාව භාවිතයෙන් යෙදුම විස්තර කිරීමයි. එය සිදු කළ පසු, Power Apps මගින් Automatically යෙදුම ගොඩනගන අතරම එය UI සඳහා කේතය ලියනවා පමණක් නොව data table හා business logic ද නිර්මාණය කරනු ලබනවා.

උදාහරණයක් විදිහට, පරිශීලකයෙකු Power Apps හට “සේවකයෙකු ඇතුළත් කිරීමේ යෙදුමක් සාදන්න, නව සේවක දත්ත ලබාගන්න සහ පුහුණු අන්තර්ගතයන් සහ ඉගෙනුම් මොඩියුල බෙදාගන්න” යැයි පැවසුවහොත් Copilot හට තත්පර කීපයකින් යෙදුම නිර්මාණය කළ හැකියි. ඒ වගේම පරිශීලකයින්ට Copilot සමඟ අන්තර්ක්රියා කිරීමෙන් යෙදුම වැඩිදියුණු කර හැකියි. දත්ත වගුවට නව තීරු එකතු කිරීම හෝ දත්ත සමඟ වගුව පිරවීම යනාදිය. එලෙසම යෙදුම නිර්මාණය කිරීමේදී ගැටළු ඇති වුවද, ඔබ හට නිසි අදහස් නොමැති වුවද Copilot හට යෙදුම වැඩිදියුණු කරන ආකාරය පවා යෝජනා කරමින් මෙය නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා.

 

Power Automate

Power Automate මගින් ස්වභාවික භාෂාව භාවිතයෙන් ස්වයංක්රීය ක්රියාවලි නිර්මාණය කළ හැකියි. Power Automate Copilot සමඟින්, අවශ්යතා කුමන සංකීර්ණතාවකින් යුක්ත වුවද ස්වභාවික භාෂාව භාවිතයෙන් ක්රියාවලි නිර්මාණය කිරීමේ හැකියාව පවතිනවා.  එසේම, Copilot හට පරිශීලකා සමග සම්බන්ධ වෙමින් ක්රියාවලිය ප්රශස්ත කිරීමට සහ යාවත්කාලීන කිරීමට හැකිය. මෙමගින් පරිශීලකයින්ට කිසිදු Power Automate විශේෂඥ දැනුමකින් තොරව ස්වභාවික භාෂාව භාවිතයෙන් ඕනෑම ක්රියාවලියක් නිර්මාණය කිරීමට ඉඩ සලසනවා.

Power Virtual Agents

GPT සහය එක් කර ඇති Power Virtual Agents මගින්  පරිශීලකයන්ට ඔවුන්ගේ වෙබ් අඩවි අන්තර්ගතය Power Virtual Agents හා සම්බන්ධ කිරීමට පරිශීලකයන්ට අවශ්ය වන්නේ ඔවුන්ගේ වෙබ් අඩවි ලිපිනය ඇතුලත් කිරීම පමණයි. මෙය GPT හට පිළිතුරු ජනනය කිරීමට ඉඩ සලසන අතර පාරිභෝගිකයින්ට ප්රශ්න සහ පිළිතුරු සැපයීම සඳහා විවිධ නිෂ්පාදනවල ප්රශ්න සහ පිළිතුරු දැනුම පදනම් වෙන බොට් සම්බන්ධ කිරීමට සමාගම්වලට මෙය ඉඩ දෙනු ලබනවා. එමෙන්ම මෙමගින් ආයතනවලට අභ්යන්තර භාවිතය සඳහා Bot කෙනෙකු පවා සෑදිය හැකිය. උදාහරණයක් වශයෙන්, වත්මන් ප්රතිපත්ති සහ නියමයන්, කාර්ය සාධන සමාලෝචනය සහ ප්රසාද ප්රතිපත්ති ආදිය මත පදනම්ව මානව සම්පත් සඳහා පොදු අන්තර්ගත විමසුම් සැපයිය හැකි bot කෙනෙකු. දැන්, Power Virtual Agents Copilot හරහා, පරිශීලකයින්ට රොබෝවරයාගේ ක්රියාවලිය විස්තර කිරීමට ස්වභාවික භාෂාව භාවිතා කළ හැක. ඔවුන්ට අවශ්ය වන්නේ පෙර පරිදිම එකින් එක නිර්මාණය කිරීම වෙනුවට රොබෝවරයාට සංවාදයකදී කිරීමට අවශ්ය දේ විස්තර කිරීම පමණි

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.