Categories

චීනයේ people’s daily විසින් ප්‍රවෘත්ති නිවේදනය සඳහා AI robo කෙනෙකු යොදා ගනි

චීනයේ state-controlled පුවත්පත විසින් ඔවුන්ගේ මාධ්‍යවේදියෙකු ලෙස AI මගින් බල ගැන්වෙන රොබෝ කෙනෙක් යොදාගෙන තිබෙනවා. “Ren Xiaorong” ලෙස නම් කර තිබෙන මෙම virtual ගැහැණු නිවේදිකාව හට ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට සහ වසරේ දින 365 පැය 24 පුරාවටම ප්‍රවෘත්ති විකාශණය කිරීමටත් හැකි බවද ඔවුන් සඳහන් කරනවා.

 

 

CPP හී නිළ ප්‍රවෘත්ති ආයතනය වන People’s daily විසින් රෙන් ව සංවර්ධනය කර තිබෙන අතර ඇයට දහස් ගණනක ප්‍රවෘත්ති නිවේදකයන්ගේ කුසලතා වලින් පරිපූර්ණ වෙනවා.

රොන්ගේ නිවේදනයක්, චීනයේ Weibo හී වීඩියෝ පටයකින් එළිදක්වා තිබු අතර කළු පැහැති බ්ලේසර් එකකින් සැරසී සිටි ඩිජිටල් නිවේදිකාව වීඩියෝවෙහි පවසන්නේ….

” හෙලෝ මගේ නම රෙන් ශියාඕරෝන්ග්. මම පීපල්ස් ඩේලි පුවත්පතට අලුතින් සම්බන්ධ වූ AI ඩිජිටල් පුවත් නිවේදිකාවක් වෙමි.

නව මාධ්‍යවේදින් දහස් ගණනකගේ කුසලතා මට ලබා දී තිබෙනවා.

මට කිසිම විවේකයකින් තොරව දින 365 පැය 24 පුරාම ප්‍රවෘත්ති වාර්ථා කරන්න හැකියාව තිබෙනවා.

ප්‍රවෘත්ති වෙබ් අඩවි වල හෝ ස්ටූඩියෝ වල ඔබ හැම වෙලාවෙම මාව දකිනු ඇත.

සෑම සංවාදයක්ම සහ ඔබ ලබා දෙන සෑම ප්‍රතිපෝශණයක්ම මාව වඩාත් දක්ශ කරනු ඇත. ” යනුවෙනුයි.

කෙසේ වෙතත් මෙම ඩිජිටල් රෙන් හට දැනට පිළිතුරු ලබා දිය හැක්කේ පෙර සැකසූ ප්‍රශ්ණ වලට පමණක් බවද ඔවුන් සදහන් කරනවා.

source :

Dailymail

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.