Categories

ඩග්ලස්ගේ පැරණිතම mouse එක සහ coding keyset එක

ඇපල් සමාගමේ පළමු mouse එක නිර්මාණය කිරීම සඳහා ස්ටීව් ජොබ්ස්ව පෙලඹවූ පැරණිතම පරිගණකයක mouse එකක් ඩොලර් 178,936 (රුපියල් 61,679,561.28) අලෙවි වෙලා තියෙනවා.

මෙම mouse එක නිර්මාණය කර තිබුණේ controller system හී පුරෝගාමියෙකු වන ඩග්ලස් එංගල්බාර්ට් විසිනුයි. එසේම මොහු විසින් coding keyset එකක්ද නිර්මාණය කර තිබුණා.

මෙම පැරණි බටන් තුනේ mouse එකෙහි  කර්සරයේ පිහිටීම සොයා ගැනීම සඳහා ඇතුළත තිබෙන X-අක්ෂයට සහ Y-අක්ෂයට අනුරූප වන ලෝහ තැටි දෙකක් භාවිතා කර තිබෙනවා.

එසේම coding keyset එක යතුරු පහකින් සමන්විත වන අතර ටයිප් කිරීමට සහ command ඇතුළත් කිරීම සඳහා key-press combinations 31ක් භාවිතා කර තිබෙනවා.

මේ mouse එක ස්ටීව් ජොබ් ව Apple පළමු mouse එක නිර්මාණය කරන්න පෙළඹවූයෙ කොහොමද ?

Xerox  සමාගමෙහි mouse එකක් සඳහා ඩොලර් 300 ක් වැය වූ අතර එය බටන් 3කින් සමන්විත වූ නිසා භාවිතයද අපහසු වුණා. මේ නිසා ජොබ්ස් හට ඩොලර් 15ක් පමණ වැය වන සරල, තනි බොත්තම් ආකෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ අතර ඒ නිසා Apple සමාගම විසින් SRI වෙතින් Engelbart ගේ මවුස් පේටන්ට් බලපත්‍රය ඩොලර් 40,000කට ලබා ගත්තා. පසුව computer Mouse  ජනතාව අතරට ගෙන ඒම සඳහා Jobs විසින් IDEO නම් නිර්මාණ සමාගමද  කුලියට ගෙන තිබුණා.

ඒ අනුව රෝලර්බෝල් යාන්ත්‍රණයක් සහිත Apple හී mouse එක මිල අධික Lisa පරිගණකය සමඟ 1983 දී හඳුන්වා දෙනු ලැබුවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.