Categories

Samsung විසින් ජූනි මාසයේදී LCD නිශ්පාදන නැවැත්වීමට සැරසෙයි

samsung display විසින් එහි liquid-crystal display (LCD) ව්‍යාපාරය ජූනි මස වසා දැමීමට තීරණය කර ඇති බව වාර්ථා වෙනවා. සමාගම විසින් නිල වශයෙන් 2020 අවසානයේ මෙය වසා දැමීමට සැලසුම් කලත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉලෙක්ට්‍රොනික උපාංග සදහා ඉල්ලුම වැඩි වීම නිසා එය අත්හිටවනු ලැබුවා.

Quantum Dot සහ OLED වැනි display තාක්ශණයන්ට සාපේක්ශව LCD සදහා පාරිභෝගික ඉල්ලුම අඩු වීමත් සමග මෙසේ ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව korea times වාර්ථා කර තිබෙනවා.
එක්සත් ජනපද වෙළඳපල පර්යේෂණ සමාගමක් වන Display Supply Chain Consultants (DSCC) වාර්තා කරන්නේ LCD පැනල් මිල දර්ශකය 2021 අග භාගයේ සිට කඩා වැටී ඇති අතර වසරින් වසර 60% කින් පමණ පහත වැටී ඇති බවයි.

එසේම LCD වල මිල පහල බැසීම නිසා ඇතිවූ පාඩුවත්, Samsung Display නිෂ්පාදනවල විශාලතම ගැනුම්කරු වන Samsung ඉලෙක්ට්‍රොනික්ස් විසින් චීනයේ සහ තායිවානයේ විදේශීය LCD සැපයුම්කරුවන් සමඟ හවුල් වීමත් මෑත වසරවලදී ස්මාර්ට්ෆෝන් LCD සිට OLED වෙත මාරුවීමත් මෙයට විශාල වශයෙන් බලපා තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.