Categories

Samsung නිකුත් කළ වේගවත්ම NVMe SSD එක

flash storage සහ memory අතින් ඉදිරියෙන් ඉන්න samsung විසින් custom builds හෝ පැරණි පරිගණක අලුත් කිරීම සදහා විශේශ විකල්පයක් දීලා තියෙනවා. ඒ වේගවත්ම 990 pro SSD එකක් නිකුත් කරමිනුයි.

Samsung 990 Pro විශේෂයෙන්ම නිපදවලා තිබෙන්නේ 3D rendering, 4K video editing, data analysis, graphically demanding games සදහා වගේම අධික වේගයෙන් කියවීමට හා ලිවීමට disk access අවශ්‍ය අනෙකුත් කාර්‍යන් සදහායි. ඒවගේම Samsung පවසන්නේ මෙයට පිළිවෙලින් 7,450 MB/s සහ 6,900 MB/s දක්වා අනුක්‍රමික කියවීමේ සහ ලිවීමේ වේගයක් ලබා දිය හැකි බවයි.

මෙය 2020 දී නිකුත් කරන ලද 980 Pro වලට වඩා 55% දක්වා වේගවත් වගේම 980 Pro වලට වඩා 50% දක්වා වැඩි බලශක්ති කාර්යක්ෂමතාවයකින්ද යුක්ත වෙනවා. samsung විසින් මෙය heatsink සහිත සහ රහිත ලෙස විකුණන අතර මෙහි RGB lights ද ඇතුළත් කර තිබෙනවා.

1 TB heatsink රහිත Samsung 990 Pro සහ Heatsink සහිත samsung 990 Pro එකක මිල $179 (lkr 64,769.56) ක් සහ 2TB එකක මිල $309 (lkr 111,808.90) ක් වනවා. මේ දෙකම ලබන ඔක්තෝබර් මාසයේදි වෙළදපළට නිකුත් කිරීමට සැළසුම් කර තිබෙනවා. samsung විසින් 2023දී මෙහි 4TB version එකක්ද නිකුත් කරන්න සැළසුම් කරලා තිබෙනවා.

source:-

HOWTOGEEK

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.