Categories

සැම්සුන්ගේ ආයෝජනයෙන් ලොව විශාළතම චිප් මධ්‍යස්ථානය දකුණු කොරියාවේදී…

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් වෙතින් ඩොලර් බිලියන 230 ක ආයෝජනයක් යොදා ගනිමින් ලොව විශාලතම චිප් මධ්‍යස්ථානය ඉදිකරන බව දකුණු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව සෝල් අගනුවර යොංගින් නගරයේ පිහිටි දැවැන්ත මධ්‍යස්ථානයක මෙය ඉදි කිරීමට නියමිතයි.

දකුණු කොරියාවේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය (MOTIE) විසින් 2026 වන විට ඩොලර් බිලියන 422 ක්, ප්‍රධාන තාක්‍ෂණ අංශ හයක් සඳහා ආයෝජනය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස මෙම සැළසුම නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපදය විසින් චීනය වෙත චිප් සෑදීමේ මෙවලම් අපනයනය දිගින් දිගටම සීමා කිරීමත් සමග 2023 පළමු මාස ​​දෙක තුළ ආසියානු චිප් ආනයනය 27%කින් පමණ කඩා වැටීම නිසා මෙම නිවේදනය ඔවුන් නිකුත් කර තිබෙනවා.

 

source:

Techspot

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.