Categories

Samsung විසින් DDR3 නිශ්පාදනය නවත්වයි

පසුගිය වසරේදී DDR3 memory සැපයුම අඩුවී තිබීම නිසා samsung විසින් DDR4 සහ DDR5 සදහා වැඩි අවදානයක් යොමු කර තිබෙනවා.
ඒ අනුව samsung සහ Hynix විසින් මෙම වසර මුලදී ප්‍රකාශ කලේ ඉදිරි මාස ඇතුළත ඔවුන් DDR3 memory නිශ්පාදනය නතර කරන බවයි. එහෙත් Micron සහ විශේශිත DRAM නිශ්පාදකයින් වන Nanya Technology, Elite Semiconductor Memory Technology, Etron Technology සහ Winbond Electronics සමාගම් තම ගනුදෙනුකරුවන්ට ප්‍රකාශ කලේ ඔවුන් මේවා ඉදිරියට නිශ්පාදනය කරන බවයි.

DDR3 memory සදහා ඇති ඉල්ලුම අඩු වීම පසුගිය වසර හා සසදන විට විශාල වන අතර සමාගමේ අභ්‍යන්තර පිරිස් පවසන්නේ samsung විසින් මෙම වසර අවසානයේදි DDR3 සදහා නව ඇණවුම් බාර ගැනීම නතර කරන බවත්, 2023 අවසානයේදි ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවයි.

මෙය නිශ්පාදකයින් විසින් 1GB, 2GB, සහ 4GB DDR3 modules භාවිතා කරන routers, wireless access points, switches, modems, සහ set-top boxes සදහා විශාල ලෙස බලපානු ලබනවා. samsung මෙලෙස DDR3 ඉවත් කිරීමට හේතුව පාරිභෝගිකයන් හට දැනට ජනප්‍රිය 4GB RAM සදහා වට්ටම් ලබා දී DDR4 chip වෙත ඔවුන් තල්ලු කරවීමයි.

 

source:-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.