Categories

පැය 80ක ආයු කාලයක් සහිත සූර්ය  බලයෙන් ආරෝපණය කලහැකි හෙඩ්ෆෝන් එක

Adidas පැය 80 ක් දක්වා බැටරි ආයු කාලයක් සහිත රැහැන් රහිත, සූර්ය බලයෙන් ක්‍රියා කරන හෙඩ්ෆෝන් යුගලයක් නිවේදනය කරල තිබෙනවා.

 Adidas RPT-02 SOL, Headband මුදුනේ Exeger වෙතින් Powerfoyle සූර්ය කෝෂ තාක්ෂණය භාවිතා කරනු ලබන අතර එමඟින් ආලෝකයේ සියලු ආකාර ශක්තිය බවට පරිවර්තනය කළ හැකි වනවා. මෙයින් අදහස් කරන්නේ ඒවා පිටත ස්වභාවික ආලෝකය හෝ ගෘහස්ථව කෘතිම ආලෝකය සමඟ වුවත් අඛණ්ඩව ආරොපණය කලහැකි බව.


ඒවගේම මේහි වඩාත් ප්‍රබල ආරොපණයක් ජනනය කිරීමට සුදුසුම ආලෝක ප්‍රභවය හදුනා ගැනීමටත් දර්ශකයක් පවතිනවා.

මෙය 20Hz – 20kHz දක්වා සංඛ්‍යාත ප්‍රතිචාරයකින් අඩි 33 දක්වා Bluetooth 5.2 හරහා රැහැන් රහිතව සම්බන්ධ වෙනවා. On/off කිරීමට මෙන්ම සංගීත පාලනය සදහාත් basic music control පැවතියත් උපරිම පාලනයක් සදහා මෙය  Adidas mobile ඇප් එක සමග සම්බන්ධ කලයුතු වනවා.

හෙඩ්ෆෝන්  අළු හෝ කහ වර්ණවලින් යුක්ත වන අතර Adidas සඳහන් කරන්නේ හෙඩ්ෆෝන් එකෙහි සියයට 51ක් ප්ලාස්ටික් අඩංගු වන බවත් ඉන් සියයට 87ක් ප්‍රතිචක්‍රීකරණය කලහැකි ඒවා බවයි.
එලෙසම භ්‍යන්තර හෙඩ්බෑන්ඩ් සහ කනට සම්බන්ධ වන කුෂන් ඉවත් කර සේදිය හැකි බැවින් ඒවායේ පිරිසිදු භාවය පිලිබද ගැටලුවක් ඇතිවන්නේත් නැහැ.

බැටරි ආයු කාලය ගත්විට ආලෝකය නිවී ගිය පසු පැය 80ක් දක්වා නැවත ධාවනය කළ හැකි බව Adidas පවසයි. ආලෝකයට නිරාවරණය වන විට ආලෝක තත්ත්වය මත පදනම්ව  ඔබට අසීමිත ක්‍රිඩා කාලයකට ලගා විය හැකි වනවා.

Adidas RPT-02 SOL රැහැන් රහිත හෙඩ්ෆෝන් දැන් ඩොලර් 229 කට pre order කිරීමට හැකි අතර අගෝස්තු 24 දින ඒවා වෙලදපලට නිකුත් කිරීමට නියමිත වනවා.

Sourcetechspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.