Categories

විද්‍යාඥයින් නිපදවූ ටර්මිනේටර් රොබෝ

ඔයාලා ටර්මිනේටර් film ටික බලල තියනවනම්
ඒකෙ ඉන්න T- 1000 රොබෝත් මේ වගේ කම්බි තුලින් ද්‍රව ආකාරයට ගමන් කරනව දකින්න ඇති.
ඉතින් විද්‍යාඥයින් එම රොබෝ සංකල්පය අනුව සැබෑ ලෙසම හිඩැස් ඇති ඝන ද්‍රව්‍යක් තුලින් ගමන් කල හැකි රොබෝ වරයෙක් නිපදවල තිබෙනවා.

පහල වීඩියෝ එක අනුව බාහිර චුම්භක ක්ෂේත්‍ර මගින් මෙහෙයවන මේ රොබෝ හට ආරක්ෂිත කම්බි හරහා ද්‍රව ආකාරයෙන් ලිස්සා පසුව නැවත ඝන මාධ්‍යට පැමිණිය හැකි වනවා.

කෙසේ නමුත් චිත්‍රපටයට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්දව මෙම රොබො ආරක්ෂිත යහපත් දැ (සායනික හා යාන්ත්‍රික සැකසුම් වලට) සදහා යොදැගැනීමට විද්‍යාඥයින්  අරමුණු කර තබෙනවා.

අඩු ද්‍රවාංකයක් සහිත ලෝහ සංයෝගයක් භාවිතා කරමින් නිර්මාණය කල මෙම රොබො හට ඝන තත්වයේ පවතින විට වේගවත් චලනය සහ අධික බර පැටවීම ඇතුළුව Terminator රොබො හ⁣ට සමාන කාර්ය සාධනයක් ලබා ගත හැකි වනවා.

එමෙන්ම චුම්භක ක්ෂේත්‍ර මගින් රොබෝහි,  උෂ්ණත්වය ෆැරන්හයිට් 95 (සෙල්සියස් 35) දක්වා වැඩි කර විනාඩි 1 තත්පර 20 කින් ඝන ද්‍රව්‍යයක සිට ද්‍රව තත්ත්වයට පත් කල අතර ඒ අනුව මයික්‍රොබෝට් වල භාවිතය සඳහා හැඩය වෙනස් කිරීමට සහ බර පැටවීමට හැකි ද්‍රව්‍යයක් හඳුනා ගත් පළමු අවස්ථාවද මෙයයි.

මෙහි ද්‍රව ආකාරයේදී මෙය  දික් කිරීමට, බෙදීමට සහ නැවත එකතු කිරීමට හැකියි.
එසේම ඝන ස්වරූපයේදී එය පැයට සැතපුම් 3 ඉක්මවන වේගයකින් හා එහි බර මෙන් 30 ගුණයක බරක් එසවිය හැකි වනවා.
මේ අනුව මෙය ලගා වීමට අපහසු ස්ථානවල ඉලෙක්ට්‍රොනික උපකරන සවිකිරීමට (තාවකාලික ඉස්කුරුප්පුවක් ලෙස හොි පැස්සුම් සදහා ) යොදාගත හැකියි.

තවත්  අත්හදා බැලීමක දී, පර්යේෂකයන් විසින් අනවශ්‍ය වස්තුවක් ඉවත් කිරීම සඳහා රොබෝවරයා ආදර්ශ මිනිස් බඩක් තුළට යෙදවිය හැකි ආකාරය නිරූපණය කර තිබුණා.

අඟල් 0.4 ට වඩා අඩු පළලකින් යුත් ඝන ආකාරයේ රොබෝ ඉන්ද්‍රිය හරහා වස්තුව සොයා ගන්නනා තෙක් මෙහෙයවු අතර පසුව  එය දුරස්ථව පාලනය කරන ලද චුම්බක ක්ෂේත්‍ර මගින් උණු කර, වස්තුව වටා එහි නව ද්‍රව ලෝහය එකතු කරමින් නැවත ඝන ආකාරයට සිසිල් කර  වස්තුව ආමාශය තුලින්  පිටතට ඇද ගැනීමට කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් ඔහුගේ නිර්මාණය සහ Terminator’s T-1000 චරිතය අතර සැසඳීම් තේරුම් ගත හැකි නමුත් ඒවා ගෙන යා හැකි දුර සීමා වනවා
ඒ අනුව රොබෝවරයාට තවමත් ද්රවාංකය සඳහා බාහිර තාපකයක් සහ චලනය පාලනය කිරීම සහ හැඩය වෙනස් කිරීම සඳහා බාහිර චුම්බක ක්ෂේත්රයක් අවශ්ය වනවා.

නොදැනුවත්වම සැබෑ ජීවිතයේ සයිබර්ග් ඝාතකයෙකු නිර්මාණය කිරීමේ අවදානම ගැන කරදර විය යුතු නැති බවත් මොහු එහිදී  ප්‍රකාශ කර තිබුණා.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.