Categories

Google search Ads හරහා එන malware

malware,virus කියන්නේ කවදාවත් නතර වෙන දෙයක් නම් නෙමේ. මොකද ඒවා හැමවෙලාවෙම කුමන හෝ ක්‍රමයක් සොයා ගන්නවා ඔවුන්ගේ කාර්‍යන් සිදු කර ගන්න.. ඉතින් මේ වෙනකොට google search Ads හරහා malware ඇවිල්ලා තියෙනවා.

හැකර්වරුන් සහ malware developers ලා විසින් ජනප්‍රිය software ඇතුළත් කරමින් fake web sites නිර්මාණය කරලා තියෙනවා malware බෙදා හරින්න. මේ සදහා ඔවුන් කරන්නේ malware රහිත වෙබ් අඩවි ලෙස පෙනි සිටිමින් google search results වල Ads pop up කිරීමට අනුමැතිය ලබා ගැනීමයි. ඒ අනුව අනෙක් වෙබ් අඩවි සියල්ලටම උඩින් google Ads හරහා ඔවුන්ගේ web sites පෙන්වමින් ඔවුන්ගේ malware බෙදා හරින්න කටයුතු කරනවා.

 

එක් සිදුවීමක වාර්ථා වෙනවා පුද්ගලයෙක් google වල video streaming/recording software එකක් වන OBS search කර පසුව උඩින්ම සදහන් වෙබ් අඩවියකින් exe ගොනුවක් ඩව්න්ලෝඩ් කරල තිබෙනවා. පසුව හැකර්වරුන් විසින් ඔහුගේ social media accounts,e mails සහ crypto currency wallets පවා ඔවුන්ගේ පාලනයට ගෙන තිබෙනවා. එසේම web browser එකෙ දත්තද clone කරලා තියෙනවා. මේ වගේ තවත් malware විශාල ප්‍රමාණයක් google Ads හරහා බෙදා හරිනු ලබනවා.

ඉතින් software download කරනවනම් හොදම දේ google search results වල උඩින්ම එන google Ads වල තිබෙන වෙබ් සයිට් වලින් නැතුව අදාල developer ගේ වෙබ් අඩවියටම ගිහින් ඩව්න්ලොඩ් කරගැනීමයි.

source:-

HOWTOGEEK

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.