Categories

YouTube හරහා Malware පතුරවා හැරීමක්..

Kaspersky විසින්  YouTube හරහා ක්‍රීඩකයින් ඉලක්ක කරගෙන අනිෂ්ට මෘදුකාංග පැතිරවීමක් වාර්තා කර තිබෙනවා.

මෙහිදී YouTube  Gaming චැනල් හරහා Cheat හා Crack games Download කරන්නන් ඉලක්ක කර Malware පතුරවා හැර ඇති අතර හැකර්වරුන් විසින් Gaming channel හැක් කර Description තුල Malware අඩංගු link පල කර තිබෙනවා.
මෙයින් පරිශීලකයන්ගේ login credentials ලබාගත හැකි බැවින් සැම විටම Description කොටසෙහි ඇති  Link ගැන අවධානයෙන් සිටීම වැදගත්.

මෙම Malware  මෘදුකාංග හට ආසාදිත පද්ධතියෙන් විවිධ ආකාරයේ loging credentials සොරකම් කල හැකි අතර,පසුව තවත් පරිශීලකයින් රැවටීමට ඒවා භාවිතා කරයි.
2020 මාර්තු මාසයේ ද Kaspersky විසින් Spam ඊමේල් හා third-party loaders හරහා ව්‍යාප්ත කෙරුණු Malicious  program කිහිපයක් එකට එකතුකරමින් නිර්මාණය කර තිබුණු Trojan එකක් සොයාගනු ලැබුවා.

මෙම Malware සක්‍රීය වූ පසු  Redline ලෙසින්ද හදුන්වන Payload එක මගින් Chrome,firefox හා Chromium යන බ්‍රව්සර් වලින් පරිශීලක usernames, passwords, cookies, and banking credentials සොරකම් කරන අතර crypto wallets, instant messaging software, FTP, SSH, හා VPN client වලින් පවා තොරතුරු සොරාගනු ලබනවා. එලෙසම Software download කිරීම සදහා මෙම Malware මගින්  default browser එකෙහිම link Open කරනු ලබනවා.

වීඩියෝවල දක්වා තිබූ ගේම් අතර Final Fantasy XIV, Forza, Lego Star Wars, Rust, Spider-Man, Stray, VRChat, DayZ, F1 22, Farming Simulator, සහ තවත් ක්‍රීඩා ඇතුළත් වනවා.

YouTube දැනටමත් ප්‍රහාරයට ලක්වූ  නාලිකා ඉවත් කර ඇති  නමුත් නමුත් ඉදිරියේදී මෙම ප්‍රචාරණ ක්‍රමය වඩාත් ජනප්‍රිය වියහැකි බැවින් පරිශීලකයින් වෙබ් අඩවියේ සැක සහිත Link ගැන විමසිල්ලෙන් සිටිය යුතු වනවා.

Source – techspot

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.