Categories

YouTube ගෙන් imoji පදනම් වූ “Time reaction” විශේෂාංගයක්.

Timed comment feature එකට අමතරව හා Dislike button එක ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් YouTube “Time Reaction” feature එකක වැඩ අරඹමින් ඉන්නවා.

එමගින් වීඩියොවට ඉමොජි පදනම් වූ රිඇක්ෂන් දැමීමට පරිශීලකයන්ට ඉඩ සලසනවා.

YouTube පවසන්නේ timed comments feature එක සදහා ධනාත්මක ප්‍රතිචාර ලැබුනු බැවින් තවත් ඉදිරියට යමින් Timed Reactions feature පරික්ෂා කරන බවයි.

විශේෂාංගයට සහය දක්වන වීඩියෝවලට ඔබට එම වීඩියෝවල යම් කොටසකට ප්‍රතිචාර දැක්වීමට විකල්පයක් ඇති අතර වෙනත් පුද්ගලයින්ගේ ප්‍රතිචාර පවා දැකගත හැකිය.
ඒ වගේම මේ විශේෂාංගයෙන් ඔයාට වීඩියො වල අන්තර්ගතය වඩාහොදින් විනිශ්චය කරන්න හා වීඩියෝ එක තුල වැදගත් කොටසකට යන්න පුලුවන්.

දැනට පරිශීලකයින් සඳහා ඉමොජි මත පදනම් වූ React පහක් (heart, confetti, sun, crying, and shocking) ඇති අතර යූ ටියුබ් පවසන්නේ එය පරිශීලක ප්‍රතිචාර මත පදනම්ව React එක් කිරීමට හෝ ඉවත් කිරීමට ඉඩ ඇති බවයි. එසේම, එය ඉමොජි පැනලයේ වෙනත් වෙනස්කම් පරීක්‍ෂා කරමින් සිටින අතර, ඔබට විශ්මයාර්ථ ලකුණ, ප්‍රශ්නාර්ථ ලකුණ, ඉමොජි 100ක්, සහ වෙනත් දේ සොයා ගැනීමට පුලුවන්.

කෙසේ වෙතත්, YouTube විසින් අත්හදා බැලීමේ කොටසක් වන වීඩියෝ මොනවාදැයි හෙළි කර නොමැති අතරම, මෙය අත්හදා බැලීමක් බැවින්, එය platform එක තුල පරිශීලකයින් සහ නාලිකා කුඩා සංඛ්‍යාවක් සඳහා ලබා ගත හැකිය.

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.