Categories

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 10 බලපත්‍ර විකිණීම මේ මාසයේ නතර කරන ලකුණු..!

 

මයික්‍රොසොෆ්ට් සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩොස් 11 වෙත මිනිසුන් ආකර්ශනය කිරීමට උත්සහ කලත් තවමත් වින්ඩොස් 10 බොහෝ උපාංග වල භාවිතා වෙමින් පවතිනවා.
Microsoft මීට පෙර වින්ඩොස් 7 හා 8.1 සහයද  සම්පූර්ණයෙන් නතර කල අතර දැන් වින්ඩොස් 10 Licence නිකුත් කිරීම නැවැත්වීමට සුදානම්ව තිබෙනවා.

Windows 10 Home, Pro, සහ Workstation සඳහා සෘජුවම බලපත්‍ර නිකුත් කිරීම නවත්වන බව Microsoft විසින් මෘදුකාංගයේ නිල නිෂ්පාදන පිටුවල හෙළි කර තිබෙනවා.

ඒ අනුව වින්ඩොස් 10 Download කරගත හැකි අවසාන දිනය වන්නේ 2023 ජනවාරි 31 වන දිනයි.
වින්ඩොස් 10 අවශ්‍ය පාරිභෝගිකයින් මෙම දිනට පෙර මෙහෙයුම් පද්ධතිය බාගත යුතු වනවා.

කෙසේ නමුත් Download කිරීම නැවැත්වීමට සුදානම් වුවත් මෙහි වෛරස් හා Ransomeware වලින් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක යාවත්කාලීන කිරීම් 2025. ඔක්තොම්බර් 14 දක්වා ලබාදෙනු ඇති බවටත් Microsoft නිවේදනය කර තිබුණා.

දැනට සමාගම Windows 10 Home සඳහා $139 , Windows 10 Pro සඳහා $199 , සහ Workstations සඳහා Windows 10 Pro සඳහා $309 ක අය කිරීමක් කරනු ලබන අතර මෙය අදාළ වන්නේ පාරිභෝගිකයන් විසින් මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් සෘජුවම මිලදී ගත් Windows 10 හි ඩිජිටල් බාගැනීම් සඳහා පමනකි.

අවසාන වශයෙන්, පෙර පරිදිම Windows 7 හි මෙන් බොහෝ පරිශීලකයන් Windows 10 අත්හැරීමට දැඩි ලෙස විරුද්ධ වනු ඇති අතර මෙම පිරිස වසර දෙකක් හෝ බොහෝ විට සහය අවසන් වන තෙක් රැඳී සිටිනු ඇතැයිද අපේක්ෂා කරනු ලබනවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.