Categories

Samsung Galaxy Device තුල ජනප්‍රිය Apps ගණනාවක performance අවහිර කිරීමක්..!

නවතම වාර්තාවකින් Samsung සිය Galaxy ස්මාර්ට්ෆෝන් වල ජනප්‍රිය ඇන්ඩ්‍රොයිඩ් Apps 10,000 කට අධික සංඛ්‍යාවක performance අවහිර කරන බව සොයාගෙන තිබෙන අතර මෙම සීමා කර ඇති යෙදුම් වලට Google වැනි තෙවන පාර්ශවීය යෙදුම් මෙන්ම Samsung Pay, Bixby, Secure Folder වැනි Samsung හි System Apps ද ඇතුළත් වනවා.

දකුණු කොරියානු තාක්ෂණික සංසදයේ Meeco හි පරිශීලකයින්ට අනුව, Samsung විසින් Twitter, Instagram, TikTok සහ තවත් බොහෝ ජනප්‍රිය Android Apps අවහිර කිරීමට Game Optimization Service (GOS) නම් පද්ධති යෙදුමක් භාවිතා කරන බව සොයාගෙන ඇත.

යෙදුම Galaxy උපාංගවල Game optimize කිරීමට ඇති නමුත්, 10,000 කට වැඩි ක්‍රීඩා නොවන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්වල ක්‍රියාකාරිත්වය සීමා කිරීමට Samsung එය භාවිතා කරන බව පරිශීලකයින් වාර්තා කර ඇත.

එමෙන්ම පරිශීලකයන් අවහිර කර ඇති Apps ලැයිස්තුව ඉදිරිපත් කර තිබූ අතර සදහන් කල යුතු විශේෂම කරුණ නම් එම ලැයිස්තුවේ Geekbench හෝ 3DMark වැනි benchmarking Apps අඩංගු නොවන බවයි. එයින් අදහස් වන්නේ පරිශීලකයෙකු තම Galaxy උපාංගවල Benchmark පරීක්ෂණයක් කරන්නේ නම්, එය උපාංගවල උපරිම performance පෙන්වන බවයි. එය පැහැදිලිවම කූට උපක්‍රමයකි.

මෙය කොරියානු යූ ටියුබ්කරුවෙකු විසින් පරීක්ෂා කල අතර පරීක්ෂණයේදී ඔහු විසින් 3DMark benchmarking යෙදුමේ සම්පූර්ණ පැකේජ නාමය “Genshin Impact” ලෙස වෙනස් කරන ලදී.

එය Samsung හි ක්‍රියාකාරීත්ව අවහිරකර ඇති යෙදුම් ලැයිස්තුවේ ඇති Apps වලින් එකකි. ඉන්පසු ඔහු 3DMark යෙදුමේ සැබෑ අනුවාදය සහ යෙදුමේ “ව්‍යාජ” අනුවාදය වෙන වෙනම භාවිතා කර පරීක්ෂණයක් කළේය.

සැබෑ අනුවාදය ලකුණු 2618 ක් ලබා දුන් අතර, ව්‍යාජ යෙදුම ලබා දුන්නේ උපරිම ලකුණු 1141 ක් පමණි. එය ලකුණුවල සැලකිය යුතු පහත වැටීමක් වන අතර Samsung විසින් Blacklist Apps වල ක්‍රියාකාරිත්වය සීමා කරන ආකාරය පෙන්නුම් කළේ ලකුණු හරි අඩකට සීමා කරමින්.

වැදගත් දේනම් Game Optimization Service App එක සෑම Galaxy උපාංගයකම ස්ථාපනය කර නොමැති වීම.

එමෙන්ම බලපෑමට ලක්වු Galaxy model පිලිබද තොරතුරක්ද මේ වන තෙක් දක්වා නැහැ.

Samsung සිය Galaxy උපාංගවල බොහෝ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්වල ක්‍රියාකාරිත්වය අවහිර කරන්නේ කුමන හේතුවකටදැයි නොදන්නා අතර, OnePlus එහි උපාංගවල බැටරි ආයු කාලය වැඩි කිරීම සඳහා පසුගිය වසරේ OnePlus 9 series තුලත් ඉහත කාර්යයම කරේය. Samsung සමාගම තවමත් මෙම ගැටළුව සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති නමුත් Samsung විසින් එය සිදු කරන්නේ එම හේතුව නිසාම විය හැකිය.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.