Categories

ඩොලර් මිලියන 124කට වැඩි ක්‍රිප්ටො වංචාවක්- SEC අනතුරු අගවයි…!

 

Cryptocurrency scams ගැන හැමවෙලේම ප්‍රවේශම්වෙන්න ඕනි ඇයි කියන ප්‍රශ්නය ආපහු වතාවක් මතු කරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) “Ormeus Coin” නම් ව්‍යාජ ක්‍රිප්ටෝ ව්‍යාපෘතියක් මඟින් ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 124 කට වඩා වංචා කිරීම සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකුට චෝදනා ගොනු කරල තියෙනවා.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ පැමිණිල්ලට අනුව, John සහ JonAtina (Tina) Barksdale විසින් 2017 ජූනි සිට අද දක්වා ක්‍රිප්ටෝ වෙළඳ platforms වල ආයෝජකයින්ට Ormeus Coin ඉදිරිපත් කර ඩිජිටල් ටෝකනය ඇතුළත් ලියාපදිංචි නොකළ වංචනික සුරැකුම්පත් දෙකක් හරහා ඩොලර් මිලියන 124 කට වඩා වැඩි මුදලක් වංචා කරල තිබෙනවා.

 

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසන්නේ ඔර්මියුස් කාසියට ඩොලර් මිලියන 250 ක ගෝලීය ගුප්තකේතන කැණීම් මෙහෙයුමකින් සහය ලැබුණු බව හා මසකට ඩොලර් මිලියන 5.4 සිට ඩොලර් මිලියන 8 දක්වා පතල් ආදායමක් උපයා ඇති බවයි.
මොවුන් 2019 දී ඔවුන්ගේ පතල් කැණීම් කටයුතු අත්හැර දමා තිබුණේ මුළු කැණීම් ආදායමෙන් ඩොලර් මිලියන 3 කට වඩා අඩු ආදායමක් උපයා ගැනීමෙන් පසුවයි.

පැමිණිල්ලේ තව දුරටත් සදහන් වන්නේ
සැබෑ Ormeus wallets ඩොලර් 500,000 ට වඩා අඩුවෙන් ඇති විටක, “2021 නොවැම්බර් වන විට ඩොලර් මිලියන 190 කට වඩා වැඩි වත්කම් පෙන්වන සම්බන්ධයක් නැති තෙවන පාර්ශවයක Wallets” ප්‍රදර්ශනය කිරීමෙන් බාර්ක්ස්ඩේල්ස්
[කැණීම් මෙහෙයුම] ආරක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවයි.

එලෙසම මෑන්හැටන් හි ෆෙඩරල් උසාවියේ SEC ගොනු කරන ඇති සිවිල් නඩුව සහෝදර සහෝදරියන්ට ෆෙඩරල් සුරැකුම්පත් නීති උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් වාරණ හා සිවිල් දඬුවම්ද ඉල්ලීම් කර තිබෙනවා.

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.