Categories

play store තුළින් films සහ TV ඉවත් කරයි

google විසින් android devices තුළ ඇති play store යෙදුමෙන් films සහ TV යන ටැබ් 2 ඉවත් කිරීම ආරම්භ කර තිබෙනවා. මාර්තු මාසයේදි මෙය ඉවත් කරන බව google විසින් මීට පෙරම දැනුවත් කර තිබුණා.

ඒ අනුව පරිශීලකයින්ට තවදුරටත් Android හි Play Store යෙදුමෙන් films සහ TV බැලීමට, මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හැකියාවක් නැහැ.

google විසින් films සහ TV මෙසේ ඉවත් කර ඇත්තෙ Google tv නමින් නව ආදේශකයක් ඉදිරිපත් කිරීමටයි. ඒ අනුව පරිශීලකයන්ට මිලදී ගැනීමට, කුලියට ලබා ගැනීමට සහ මිලදී ගත් මාධ්‍යන් බැලීමට google tv මගින් අවස්ථාව ලැබෙනවා.

එසේම මීට පෙර play store තුළ පැවති purchases, family sharing, payments (using Play credit and gift cards), refunds යන features google tv තුළටද වෙනසක් නොකර ඇතුළත් කර ඇති බව සදහන් කර තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.