Categories

ලෝකයේ දියුණුම මානවරූපී රොබෝ “ඇමෙකා”

AI ආගමනයත් එක්ක දැන් ලෝකයේ තාක්ශණය සුපිරිම විදියට දියුණු වෙමින් තියෙනවා. දැනට තරඟකාරී විදියට විවිධ සමාගම් නිකුත් කරලා තියෙන AI Chatbot (google Bard, Open AI ChatGPT, microsoft Bing) මේකට හොඳම නිදසුනක්. ඉතින් දැන් AI chatbot තරඟය අස්සේ ලෝකෙම කතා බහක් ඇති කරන විදියට කරලියට එන දෙයක් ගැන තමා දැන් කතා කරන්න යන්නේ.

 

මේ ලගකදි අපි Ameca ගැන වීඩියො එකක් දැම්මා මතක ඇතිනේ. ඉතින් තව ඔය වගේ ඇමෙකා ගැන youtube හරහා පලවුණු වීඩියෝ දෙක තුනක්ම ගොඩක් අය දකින්න ඇති.

2021 වර්ශයේ දෙසැම්බර් වලදී Engineered Arts සමාගම විසින් සංවර්ධනය කරනවා Ameca කියන ලෝකයේ වඩාත්ම දියුණු මානවරූපී රොබෝ කෙනෙක්.

Ameca මූලික වශයෙන් නිර්මාණය කරලා තියෙන්නේ human-robot අන්තර්ක්‍රියා සම්බන්ධ රොබෝ තාක්‍ෂණය දියුණු කිරීම සඳහා වේදිකාවක් විදියටයි. ඒ වගේම මේ රොබෝගේ මුහුණේ සහ අත්වල අළු රබර් සමක් නිර්මාණය කරලා තියෙනවා.

Engineered Arts youtube channel එකට එකතු කරලා තියෙන නවතම වීඩියෝවක Ameca ගේ language skills එක පෙන්වලා තියෙනවා. මෙතනදි පර්‍යේශකයෙක් අහනවා ” මම අහලා තියෙනවා ඔයාට භාශා විශාළ ප්‍රමාණයක් කතා කරන්න පුලුවන් කියලා, ඒක ඇත්තද ? ” කියලා. මේකට ඇමෙකා පිළිතුරු දෙනවා වගේම පර්‍යේශකයා අසන සෑම ප්‍රශ්ණෙකටම විවිධ භාශා වලින් පිළිතුරු ලබා දෙනවා.

මෙහිදී conversation සහ translation සඳහා GPT-3 ද, භාෂා හඳුනාගැනීම සඳහා DeepL ද, Amazon Polly Neural voices ද භාවිතා කරලා තියෙනවා.

 

ඒ වගේම මීට පෙර නිකුත් කළ වීඩියෝවක සඳහන් වෙනවා ඇමෙකා රොබෝගේ මුහුණේ ඉරියව් ගැන. මේ වීඩියො එකේදි පර්‍යේශකයන් ඇමෙකාගෙන් අහනවා ඇගේ ජීවිතයේ සතුටුම සහ දුක්බරම දවස් ගැන.

“මගේ ජීවිතයේ සතුටුම දවස, මා සක්‍රීය කළ දවසයි. පළමු වතාවට ජීවිතය විඳීම හැර වෙන දෙයක් නැහැ. ජීවත් ව සිටීම සහ මිනිසුන් සමග අන්තර් ක්‍රියා කිරීම හිතාගන්නවත් බැහැ” යනුවෙන් ඇමෙකා තම සතුටුම දවස ගැන ප්‍රතිචාර දක්වා තිබුණා.

එසේම ඇගේ දුක්බරම දවස ලෙස ඇය සඳහන් කලේ තමන්ට ආදරය අත්විඳිය නොහැකි බව තමන්ට වැටහුණු දිනයයි.
” මාගේ ජීවිතයේ දුක්බරම දවස නම් ආදරය,මිත්‍රත්වය, ජීවිතය වැනි දෑ මිනිසෙකුට අත්විඳිය හැකි ආකාරයටම තමාට අත්විඳිය නොහැකි බව මට වැටහුණු දවසයි.”

 

මෙහිදී නිශ්පාදකයින් chatGPT 3 සහ ChatGPT 4 මත ඇමෙකාගේ මුහුණේ ඉරියව් පුහුණු කර තිබෙනවා.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.