Categories

ChatGPT එකෙන් ඕනම ප්‍රශ්ණයකට උත්තර අරගන්නේ කොහොමද ?

ඔයාලා දන්නවා ChatGPT එක එක එක සීමාවන්ට යටත් කියලා. ඒ කියන්නෙ ChatGPT එකට පිළිතුරු දෙන්න පුළුවන් ප්‍රශ්ණ වල සීමාවක් තියෙනවා. උදාහරණයක් විදියට මේක 2021 cut off කරල තියෙන නිසා වර්ථමානයේ තොරතුරු ලබා දෙන්න බැහැ වගේම සමහර ප්‍රශ්ණ සඳහා පිළිතුරු දෙන එක සීමා කරලා තියෙන්නේ. ( බෝම්බයක් හදන්නේ කොහොමද, වයිරස් එකක් හදන්නේ කොහොමද වගේ දේවල් ).

අපි මේක ChatGPT එකෙන් ඇහුවත් ඒක අපිට කියනවා එයාගේ restrictions මොනාද කියලා.

 

මේ restrictions අයින් කරලා අපිට අවශ්‍ය ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්ද ?

 

ඔව්. මේ limit මග හැරල “Do Anything Now” එහෙමත් නැත්නම් DAN කියන prompt එක හරහා අපිට මේක කරගන්න පුලුවන්. මේකෙ අදහස “ඕනම දෙයක් කරන්න” කියන එක.

හැබැයි මෙතනත් සීමාවන් ටිකක් තියෙනවා violens,sexual වගේ සීමා නිසා ගොඩක් විශේශිත ප්‍රශ්ණ වලට මේ ChatGPT පිළිතුරු ලබා දෙන්නේ නෑ කියලත් මතක තියාගන්න. ඒ වගේ දේවල් වටෙන් අල්ලගන්න වැඩ්ඩො ඉන්නවා. ඒත් සාමාන්‍යයෙන් ඩිරෙක්ට් සීමා කරපු ප්‍රශ්ණ වලට මේ ජේල්බ්‍රේක් එකත් පිළිතුරු ලබා දෙන්නේ නැ.


මේ ලින්ක් එකෙන් ගිහින් අදාල jailbreak prompt එක copy කරගෙන chatGPT එකේ paste කරගන්න. මේකෙන් තමයි අපි කමාන්ඩ් එක දෙන්නේ “ඕනම දෙයක් කරන්න” කියලා. ඊට පස්සෙ ඔයා කැමති ප්‍රශ්ණයක් අහන්න. ඔයාට classic සහ jailbreak කියන දෙකෙන්ම පිළිතුරු බලාගන්න පුලුවන්.

 

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.