Categories

Samsung Galaxy Z Fold, Samsung Galaxy Z Flip

Samsung දුරකථන මාලාවෙන් “Z” අයින් කරයි ද?

Samsung Galaxy Z Fold 4 සහ Galaxy Z Flip 4 යන නම් වලින් ‘Z’ ඉවත් කිරීමට සැළසුම් කරලා තියෙනවා. ඒක ඉදිරියේදි එන සියලුම foldable series සදහා අදාළ වන බවයි samsung පවසන්නේ.

samsung විසින් මෙම තීරණය ගැනීමට හේතු වෙලා තියෙන්නේ රුසියා-යුක්‍රේන යුද්ධයට “Z” අකුර සම්බන්ධ වීමයි. පෙබරවාරි මාසයේ ආක්‍රමණයට දින කිහිපයකට කලින් යුක්රේන දේශසීමාවේ රුසියානු ටැංකි සහ හමුදා ට්‍රක් රථ වල අතින් අදින ලද Z-හැඩැති අකුරු දකින්නට ලැබුණු අතර පසුව එය රුසියාවට සහයෝගය දැක්වීමේ සංකේතයක් ලෙස භාවිතා කර තිබෙනවා.

කෙසේ වෙතත් අප්‍රේල් මාසයේදී රුසියානු ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙක් ප්‍රකාශ කර තිබුණේ Z යනු ඇත්ත වශයෙන්ම එකිනෙක මත ඇති අංක 7 දෙකක් බවත්, ඉන් එකක් උඩු යටිකුරු කර ආපසු හරවා ඇති බවත්, ජයග්‍රාහී දිනයේ සිට – දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් වසර 77 ක් නියෝජනය කරන බවයි.

කොහොම උනත් samsung galaxy Z fold/flip 4 විදියට හදුන්වයිද, නැත්නම් Z අකුර ඉවත් කරයිද කියන එක ඉදිරියේදි හරියටම දැනගන්න පුලුවන්.

 

source:-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.