Categories

මාළු ටැංකියක් සමග එන මේ pc case එක ගැන මොකද හිතන්නේ ?

Y2 fish tank chassis කියන්නේ Metalfish විසින් සංවර්ධනය කරපු, ඉහළින් මාළු ටැංකියක් සහිත micro-ATX හෝ mini-ATX සදහා සහය දක්වන ඇලුමිනියම් computer case එකක්. මේක dual 90mm cooling fans, one 2.5-inch hard drive , 200mm දිගකින් යුත් dual-slot video cards සහ 90mm උසකින් යුත් CPU cooler එකකින් සමන්විත වෙනවා.

 

මේ computer case එක ලස්සන වුණත් විශ්වාසදායක නැහැ. මේකෙදි අනවශ්‍ය ලෙස වතුර එකතු කිරීම සහ තාපය ගැන විශේශ සැළකිල්ලක් දක්වන්න අවශ්‍ය වෙනවා. මොකද මාළු ටැංකියේ උශ්ණත්වය වෙනස් වීම මාළුන්ගේ පැවැත්මට හානිදායක නිසා.

 

ඒ වගේම මීට අවුරුදු 20කට කලින් premium aluminum case නිශ්පාදකයෙක් වෙන Lian Li විසින් වෙනමම $99 යුත් මාළු ටැංකියක් PC-6010 ATX case එකෙහි පැත්තෙන් සවිකර නිකුත් කර තිබුණා. මේකත් Y2 fish tank එකේ වගේම අවදානමක් තිබුණා. වෙනසකට තිබුණේ සැබෑ මාළු වෙනුවට ප්ලාස්ටික් මාළුන්ව ටැංකියට දමා තිබීමයි.

 

 

 

source:-

TECHSPOT

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.