Categories

රිචඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic සමාගම පුද්ගලයින් 4 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාශයට යවයි

රිචඩ් බ්‍රැන්සන්ගේ Virgin Galactic විසින් ලබන මාසයේ ඔවුන්ගේ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරය මහජනතාවට නිකුත් කිරීමට පෙර අවසාන පරීක්ශණ පියාසැරිය සඳහා පුද්ගලයින් 4 දෙනෙකු සාර්ථකව අභ්‍යවකාශයට මුදා හැර තිබෙනවා.

Virgin Galactic: Inside Richard Branson's $600m space mission | British GQ  | British GQ

 

මෙම පරීක්ශණයෙන් පසුව ජූනි මාසයේදී ඔවුන්ගේ සංචාරක ව්‍යාපෘතිය දියත් කිරීමට ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා.

ඒ අනුව ගිය බ්‍රහස්පතින්දා දින සමාගමේ ද්විත්ව බඳ සහිත VMS Eve carrier ගුවන් යානය, නිව් මෙක්සිකෝවේ පිහිටි Virgin Galactic’s spaceport america site එකෙන් 11.15 am පමණ සේවකයින් 4 දෙනෙකුගෙන් යුක්ත කාර්‍ය මණ්ඩලයක් සමඟ සාර්ථකව අභ්‍යවකාශයට ගමන් කර තිබෙනවා.

VSS Unity අභ්‍යවකාශ යානය පෘථිවි පෘෂ්ඨයේ සිට සැතපුම් 54.2 ඉහළින් මිනිත්තු 3ක් ස්ථාවරව තිබූ අතර එහිදී කාර්‍ය් මණ්ඩලයේ 4 දෙනා හට පළමු වරට පෘථිවියට සාපේක්ශව ඔවුන්ගේ බර අඩු වීම අත් විඳීමට හැකියාව ලැබී තිබුණා.

Video: Virgin Galactic launches crewed test flight to the edge of space |  CNN Business

 

කෙසේ වෙතත් ෆෙඩරල් ගුවන් සේවා බලධාරීන් විසින් මීට පෙර Virgin Galactic දියත් කිරීම් තහනම් කර තිබුණේ 2021 දී සමාගම සිදු කළ මංගල ගුවන් ගමනේදී එම යානය නිව් මෙක්සිකෝ කාන්තාරයේ ධාවන පථයට ආපසු බැසීමේදී මාර්ගයෙන් ඉවතට පැනීම නිසායි.

සිරස් දියත් කිරීමේ රොකට් භාවිතා කරන අනෙක් සමාගම් මෙන් නොව, Virgin Galactic විසින් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහිත carrier ගුවන් යානයකින් ඔවුන්ගේ අභ්‍යවකාශ යානය රැගෙන ඉහළ උන්නතාංශයකට ගොස් එම රොකට් යානය අත් හරිනු ලබනවා.

 

ඒ අනුව මෙම carrier ගුවන් යානය මැදින් අභ්‍යවකාශ යානය රඳවා ගෙන ඉහළට ගොස් අඩි 44,500 දී එම රොකට් අභ්‍යවකාශ යානය මුදා හරින අතර පසුව VSS Unity යානය එන්ජිම ක්‍රියාත්මක කිරීමෙන් පසුව අඩි 262,000 පමණ ඉහළට ගමන් කරනු ලබනවා.

Virgin Galactic Completed Its Space Mission. The Stock Didn't Lift Off. |  Barron's

මෙහි මුළු ගමන් කාලය මිනිත්තු 90 වූ අතර එය 11.15 am පමණ අභ්‍යවකාශයට ගිය අතර 12.37 pm පමණ නැවත පෘථිවියට පැමිණ තිබෙනවා.

සමාගමේ Unity 25 මෙහෙයුම ලබන ජූනි මස අගදී දියත් කිරීමට නියමිත අතර පසුව සෑම මසකම එක් සංචාරයක් සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා.

පසුගිය කාලයේදි මෙහි ප්‍රවේශපත්‍ර 800 පමණ අලෙවි වී තිබෙන අතර ප්‍රවේශපත්‍ර සඳහා එක් පුද්ගලයෙකුට $ 450,000 ( Lkr 133,860,510.00) වැය වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.