Categories

ධනවතුන් 4ක් රැගත් Virgin Galactic අද දින වාණිජ වශයෙන් අභ්‍යවකාශයට !

අද Virgin Galactic සමාගම ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ වාණිජ ගමන සඳහා සූදානම් වෙනවා. මේ මෙහෙයුම නම් කරලා තියෙන්නේ Galactic 01 ලෙසයි.

අඩි 250,000 පමණ ඉහළට යන මේ මංගල ගමන සඳහා සංචාරකයින් 4 දෙනෙකු එකතු වී තිබෙනවා. ඒ එක් අයෙකුට $ 200,000 ක් ගෙවමිනුයි. කොහොම වුණත් මේ ගමනින් පස්සෙ එක් ආසනයක් සඳහා මිල $ 450,000 බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම යානයට අභ්‍යවකාශ මායිමට ගමන් කිරීම සඳහා බලය සැපයීමට නියමුවන් දෙදෙනෙකු සහිත නියමු කුටියක් ඇති අතර පිටු පස ඉහළම ශේණියේ ඇලුමිනියම් සහ කාබන් ෆයිබර් වලින් සාදන ලද ආසන 4ක් මගීන් 4 දෙනා සඳහා සකස් කර තිබෙනවා.


මෙම යානය නිව් මෙක්සිකෝවේ සිට 11 am ET ( ශ්‍රී ලංකා වේලාවෙන් අද දින 8.30 p.m ) වන විට මෙය දියත් කිරීමට සූදානම් වෙලා ඉන්නවා.

මෙම ගමනට සහභාගී වී තිබෙන 4 දෙනා වන්නේ col.walter villadei, Pantaleone Carlucci, Lt. col. Angelo Landolfi සහ Colin Bennett යන පුද්ගලයිනුයි.

col.walter villadei ඉතාලි ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන අතර ඔහු රුසියාවේදී අභ්‍යවකාශගාමියෙකු ලෙස පුහුණුව ලබාද තිබෙනවා.

Pantaleone Carlucci ඉතාලියේ ජාතික පර්‍යේශණ කවුන්සිලයේ නියමුවෙකු සහ තාක්ශණික ඉංජිනේරුවෙකු වෙනවා. ඔහු විසින් මෙම ගමනේදී මානව කාර්‍ය සාධන ප්‍රිමිතිය පරීක්ශා කිරීමට නියමිතයි.

Lt. col. Angelo Landolfi ඉතාලි ගුවන් හමුදා සාමාජිකයෙක් වන මොහුද පරීක්ශණ සඳහා සහභාගි වෙනවා.

Colin Bennett, virgin galactic හී ගගනගාමී උපදේශකයෙකු වන අතර ඔහු මෙම ගමනේදී අත්දැකීම් සහ ගුණාත්මක බාවය සහතික කිරීම සඳහා එකතු වී තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.