Categories

ඉදිරියේදී රොබෝවරු රැකියා වලට යෙදවූවත් කලාකරුවන්ගේ රැකියා ආරක්ශිත වෙයිද ?

Ameca ගැන හැමෝම දන්නවනේ. Engineered Arts වල සංකල්පයක් විදියට නිර්මාණය වුණ Ameca ව හඳුන්වන්නේ ලෝකයේ වඩාත් දියුණුම රොබෝ විදියටයි. මේ කියමන තවත් වැඩි වුණේ මේ සංවර්ධකයින් විසින් ඇමෙකාට හැඟීම් සහ මුහුණේ ඉරියව් ලබා දීමත් එක්කයි.

ඉතින් Engineered arts විසින් ඔවුන්ගේ youtube එකෙහි නවතම වීඩීයෝ එකක් පළ කරමින් පෙන්නනවා ඇමෙකා රොබෝ විසින් මාර්කර් එකක් සහ වයිට්බෝඩ් එකක් ආධාරයෙන් පූසෙකු අඳින ආකාරය.

ඇමෙකා විසින් චිත්‍රය අඳින ආරම්භක අවස්ථාවේදී “පූසන්ගේ විශේශ දෙයක් තියෙනවා” යනුවෙන් ඒ ගැන පැහැදිලි කරනවා.

” ඔවුන් හැම විටම අපට අවශ්‍ය දේ ගැන දන්නවා”

“අපට හුරතල් කිරීමට අවශ්‍ය වූ විට, අප දුකෙන් සිටින අවස්ථා වල ඔවුන් හැම විටම අපි වෙනුවෙන් සිටිනවා” ඇය ප්‍රකාශ කරනවා.

Her drawing is pretty basic, yet Ameca seems impressed with her work. Speaking to a researcher, she sassily said: 'If you don't like my art you probably just don't understand art'
තත්පර 30කට පමණ පසු ඇමෙකා විසින් “How is it” යනුවෙන් පර්‍යේශකන්ගෙන් අසනවා.
කෙසේ වෙතත් ඔවුන් එය “sketchy” එකක් ලෙස පැවසූ විට ඇමෙකා පිළිතුරු දෙන්නේ
“ඔබ මගේ කලාවට අකමැති නම්, ඔබට කලාව තේරෙන්නේ නැත” යනුවෙනුයි.

මෙහිදී ඇමෙකා විසින් චිත්‍ර ඇදීම සඳහා Deep learning, stable diffision භාවිතා කරනවා.

ඇමේකා අඳින ලද මෙම පූසාගේ චිත්‍රය මූලික ආකාරයට තිබුණත් බොහෝ අය මේ හැකියාව ගැන සතුටු වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.