Categories

ගූගල් විසින් “ක්වොන්ටම් ආධිපත්‍යය” සාක්ෂාත් කර ගනිමින් ක්වොන්ටම් පරිගණකයක් නිපදවයි

දැනට පවතින වේගවත්ම පරිගණකයට පවා වසර 47 ගතවන ගණනය කිරීම් ක්ශණිකව සිදු කළ හැකි ක්වොන්ටම් පරිගණකයක් තමන් නිර්මාණය කළ බව Google ප්‍රකාශ කරනවා.

කිසිදු සාම්භාව්‍ය යන්ත්‍රයකට කළ නොහැකි ගණනය කිරීම් විසඳමින් ” ක්වොන්ටම් ආධිපත්‍යය” සාක්ශාත් කර ගැනීමේ විශාළ සන්ධිස්ථානයකට පැමිණ තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

Google claims it's achieved 'quantum supremacy' - using a quantum device to solve problems that no classical machine can. According to Google, the newest version of its Sycamore quantum processor runs 70 qubits, more than its earlier version of Sycamore that had 53 qubits (pictured)

ඒ අනුව Google ගේ නවතම ක්වොන්ටම් ප්‍රොසෙසරය Sycamore, 70 qubits (quantum bits) ක්වොන්ටම් තොරතුරු ඒකක 70 එකවර ගබඩා කිරීමට සහ සැකසීමට ඉඩ සලසන අතර මෙය පෙර මාදිලියට වඩා මිලියන 241 ගුණයකින් බලවත් වෙනවා. මෙය වේගවත්ම සම්භාව්‍ය සුපිරි පරිගණක වල හැකියාවන් පවා අභිබවා යාමට සමත් වෙනවා.

IBM's Q System One (පින්තූරයෙන්) යනු ව්‍යාපාර සහ පර්යේෂකයන්ට ලබා ගත හැකි ක්වොන්ටම් පරිගණකයකි.  IBM Q System One යනු බලවත් ක්වොන්ටම් පරිගණකයකි, නමුත් එය තවමත් ක්වොන්ටම් ආධිපත්‍යය ලබා ගැනීමට තරම් බලවත් නොවේ.

2019 දීත් Google විසින් මෙසේ “ක්වොන්ටම් ආධිපත්‍යය ” සාක්ශාත් කරගත් බව පැවසුවත් IBM වැනි ප්‍රතිවාදී සමාගම් තර්ක කරේ ගූගල් ක්වොන්ටම් පරිගණකය සිදු කරන කාර්‍යයන් සෙමින් වුවත් සම්භාව්‍ය පරිගණක මගින් සිදු කළ හැකි බවටයි.

Even the fastest computers that exist today, such as the Frontier supercomputer in Tennessee (pictured), don't match the potential of quantum computers
ක්වොන්ටම් පරිගණක, දැනට පවතින වේගවත්ම සුපිරි පරිගණකයක් වන ෆ්‍රොන්ටියර් වලට වඩා බලවත් ය.

කෙසේ වෙතත් නවතම ක්වොන්ටම් ප්‍රොසෙසරය මගින් ගූගල් නැවතත් සඳහන් කරන්නේ ඔවුන් “ක්වොන්ටම් ආධිපත්‍යය ” සාක්ෂාත් කර ගනිමින් සාම්ප්‍රදායික සම්භාව්‍ය පරිගණක හැකියාවන් ඉක්මවා යා හැකි බලවත් යන්ත්‍රයක් නිර්මාණය කළ බවටයි.

maching learning, දේශගුණික විපර්‍යාස ආකෘති නිර්මාණය, ඖශධ සොයා ගැනීම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල විප්ලවීය වෙනසක් සිදු කිරීමට පවා ක්වොන්ටම් පරිගණක වලට හැකියාව තිබෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.