Categories

කතන්දර කියලා දුන්නු ආච්චිලාගේ කාලේ ඉවරයි. කුඩා ලමයින්ට කතන්දර කියා දිය හැකි ChatGPT model Teddy Bears වෙළඳපළට

සෙල්ලම් බඩු නිශ්පාදන සමාගමක් වන VTech හී co – founder Allan Wong පවසන්නේ AI සමඟින් එන Teddy Bears ඉදිරියේදී දෙමව්පියන්ට විකල්පයක් ලබා දෙන බවයි.

දරුවා තම සෙල්ලම් බඩුවට වඩාත් සම්බන්ධ වන අතර ඔහුගේ හෝ ඇයගේ දෛනික ජීවිතය ගැන වැඩි විස්තර හෙළි කරන විට, ටෙඩ් වඩාත් දක්ෂ හා දක්ෂ වනු ඇත (ගොනු ඡායාරූපය)

ඒ අනුව මෙම ChatGPT model teddy bears සෙල්ලම් බඩු මගින් කුඩා ලමයින් පවසන සෑම දෙයකටම සවන් දෙමින් එම දත්ත හරහා ඔවුන්ටම ආවේණික කතන්දර (bed time tales) නිර්මාණය කරනු ලබනවා.

වොන්ග් සඳහන් කරන්නේ මේ හරහා දෙමව්පියන්ට ඔවුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් කිරීම සඳහා දරුවන් ඔවුන්ගෙන් නිදහස් කරන බවයි. එසේම මෙම සෙල්ලම් බඩුවට දරුවන්ගේ දෛනික ජීවිතයේ වැඩි විස්තර පවා ඇතුළත් කළ හැකි වන අතර ඒ හරහා කුඩා දරුවාට යහළුවෙක් සමග කතා කරනවා හා සමාන අත්දැකීමක් ලබා ගත හැකි වෙනවා.

දැනටමත් VTech සමාගම KidiSnap Touch නම් ඡායාරූප සහ මිතුරන්ට පණිවිඩ යැවිය හැකි ජංගම දුරකථනයක් වැනි උපාංග, smart Walkie Talkie පවා නිර්මාණය කර තිබෙනවා.

ඇලන් වොන්ග් (ඡායාරූපයේ) හොංකොං සෙල්ලම් බඩු නිෂ්පාදක සහ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන VTech හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක වේ.

වොන්ග් පවසන්නේ AI powered teddy bears 2028 දී ලබා ගත හැකි බවටයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.