Categories

ලබන වසරේ ලී චන්ද්‍රිකාවක් දියත් කිරීමට ජපානය සැරසෙයි

ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් තීරණය කර තිබෙන්නේ ලබන වසරේ අභ්‍යවකාශයට යැවීමට නියමිත චන්ද්‍රිකාවක් සඳහා මැග්නෝලියා ගස්වල දැව වඩාත් සුදුසු ඉදිකිරීම් ද්‍රව්‍යක් විය හැකි බවයි.

මේ සඳහා දැව නිදර්ශක තුනක් යොදාගනිමින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අත්හදා බැලීමක් සිදුකර තිබෙන අතර එහි ප්‍රතිඵල අනුව මැග්නෝලියා වඩාත් බහුකාර්ය වන බව අනාවරණය වී තිබෙනවා.මාස 10ක් තිස්සේ අභ්‍යවකාශයේ කටුක තත්ත්වයන්ට නිරාවරණය වූ සාම්පල පෘථිවිය වෙත පැමිණි අතර විශ්ලේෂණයෙන් පෙනී යන්නේ මැග්නෝලියා කිසිදු දිරාපත්වීමක් හෝ ඉරිතැලීමක්, පීල් කිරීමක් හෝ කිසිම විකෘති වීමක හානියක් අත්විඳ නැති බවයි.තවද, දැව සාම්පල අභ්‍යවකාශයට නිරාවරණය වීමට පෙර සහ පසුව ඒවායේ ස්කන්ධයේද වෙනසක් සිදු නොවී ඇති බවයි.

අභ්‍යවකාශගත චන්ද්‍රිකාවක් සඳහා දැව හොඳම තේරීමක් නොවූවත් මෙහි සුවිශේෂී වාසි රැසක් තිබේ.සාම්ප්‍රදායිකව චන්ද්‍රිකා තැනීම සඳහා භාවිතා කරන ලෝහ මිශ්‍ර ලෝහවලට වඩා නිෂ්පාදනය කිරීම ඉතා පහසු සහ මිලෙන් අඩු ද්‍රව්‍යක් වීම සහ දැව වඩාත් පරිසර හිතකාමී, සැහැල්ලු,නම්‍යශීලී මෙන්ම චන්ද්‍රිකාවක් ක්‍රියා විරහිත වීමකදී ඒ සම්බන්ධ අවදානම අවම කරමින් පෘථිවි වායුගෝලයට නැවත ඇතුල් වීමේදී සම්පූර්ණයෙන්ම දැවී යාමද මෙහි ඇති සුවිශේෂී වාසියකි.

WISA WOODSAT නම් තවත් ව්‍යාපෘතියක් 2021 දී ලෝකයේ පළමු ලී චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සැලසුම් කළ නමුත් එය දියත් කිරීමට නොහැකි විය.කෙසේ නමුත් LignoStella Space Wood ව්‍යාපෘතිය තිරසාර සහ නව්‍ය චන්ද්‍රිකා තාක්ෂණයන් සඳහා වූ ගවේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලබන වසරේදී සිය පළමු ලී චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට සැළසුම් කරයි.