Categories

Move to iOS කියන්නේ android සිට iPhone දක්වා ආරක්ශිතව data (contacts,photos,videos,massages) transfer කළ හැකි play store හරහා නොමිලේ ලබා ගන්න පුලුවන් යෙදුමක්. මේ යෙදුමෙන් whatsapp data iPhone වෙත මාරු කරන්න හැකියාව ලැබෙනවා.

MOVE TO iOS ආරක්ශිතද ?

  • ඔයා icloud backup එකක් හදනකම් මේ transfered වුන data cloud storage තුළ ගබඩා වෙන්නේ නැහැ.
  • Data transfer වෙන්නේ Encripted ලෙස නිසා whatsapp හට ඔයා transfer කරන Data බැලීමට හැකියාවක් නැහැ.
  • ඒවගේම ඔයා android whatsapp යෙදුම ඉවත් කරනකම් හෝ දුරකථනය reset කරනකම් android තුළ තියෙන Data නැති වෙන්නෙත් නැහැ.

Android Whatsapp backup එක iPhone එකට ගන්නෙ කොහොමද ?

chat history transfer කරන්න කලින් Android දුරකථනයේ Android 5 වගේම ඔයාගේ iPhone හි iOS 15.5 ස්ථාපනය කරලා තියෙන්න අවශ්‍යයි. iOS 16 තවම Beta Version නිසා iOS 16 සදහා මෙය නිශ්චිතවම වැඩ කරනවද කියන එක දන්නෙ නැහැ.

01. Play store හරහා android දුරකථනයට Move to iOS යෙදුම download කරගන්න. ඒවගේම මේ Move to iOS භාවිත කරන්න ඔයාගේ iPhone එක factory reset කිරීම අවශ්‍යයි.

02. දැන් දුරකථන 2කම charge එකට connect කරන්න අවශ්‍යයි. ඊලගට දුරකථන 2කම එකම Wi-Fi network එකකට connect කරන්න.

03. දැන් move to iOS යෙදුම විවෘත කරලා අදාල පියවර ඉදිරියට යන්න. පසුව ඉල්ලනු ලබන code එක සදහා iPhone හි display වන code එක ඇතුළත් කර ඉදිරියට ගොස් whatsapp data transfer තෝරන්න.

04. START ටැප් කර all data mivrate වන තෙක් රැදී සිටින්න. all data migrate වූ පසුව ඔයාගේ andorid දුරකථනය sign out වෙනවා.

05.ආපසු move to iOS වෙත යන්න NEXT ටැප් කරන්න. දැන් ඔයාට android සිට iphone දක්වා data transfer කරන්න පුලුවන්. මේ process එක ඉවර වෙනකම් move to iOS යෙදුමේ ඉන්න.

06. ඔයාගේ iOS activate වූ විට app store වෙත ගොස් latest whatsapp යෙදුම download කරගගෙන android තුළ භාවිත කල දුරකථන අංකයම දෙන්න. පසුව whatsapp සදහා logging වූ විට අදාල chat backup පෙන්වනු ලබනවා.

move to iOS හරහා ඔයාට පහසුවෙන්ම මෙලෙස whatsapp backup transfer කළ හැකියි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.