Categories

VIVO ජංගම දුරකථන සදහා ඉදිරි වසර තුනක ඇන්ඩ්‍රොයිඩ් යාවත්කාලීන කිරිම් ලබාදීමට පොරොන්දුවක්…

 

Vivo හි එළඹෙන X-series ප්‍රමුඛ දුරකථන සඳහා වසර තුනක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කිරීම් හා ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලැබෙනු ඇතැයි සමාගම අද නිවේදනය කළේය.

මෙය යුරෝපයේ,ඕස්ට්‍රේලියාවේ හා ඉන්දියාවේ 2021 ජූලි මාසයෙන් පසු දියත් කරන ලද දුරකථන සදහා අදාල වනු ඇත.

“අපගේ ගනුදෙනුකරුවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ස්මාර්ට්ෆෝන් අත්දැකීමක් භුක්ති විඳීමට හා නවතම මෘදුකාංග විශේෂාංග වලින් අඛණ්ඩව ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවන බවට අපි පොරොන්දුවක් දී ඇත්තෙමු. “Vivo’s CTO and senior vice president Yujian Shi.

 

Vivo X50 Series Teased to Launch in India Soon | Technology News

අද දින නිවේදනයත් සමඟ, Vivo ඔවුන්ගේ ප්‍රධාන ස්මාර්ට්ෆෝන් සඳහා වසර තුනක මෙහෙයුම් යාවත්කාලීනයන් පොරොන්දු වෙමින් කුඩා නමුත් වර්ධනය වන Android
manufacturers වෙත සම්බන්ධ විය.

.ගූගල් සමාගම දිගු කලක් තිස්සේ එහි පික්සෙල් දුරකථන සඳහා සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත.
පසුගිය වසරේදී සැම්සුන් විසින් “ගැලැක්සි උපාංග කිහිපයක් ආවරණය වන පරිදි“ Three generation ”OS ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන ලද අතර එය අපේ‍්‍රල් මාසයේදී HMD සමඟ එක් වූයේ වසර 2ක
Android OS update හා වසර 3ක security
Updated එහි නව X-series දුරකථන සදහා ලබාදෙන බවට පොරොන්දු වෙමිනි.

LG පවා කියා සිටියේ ස්මාර්ට්ෆෝන් ව්‍යාපාරයෙන් ඉවත් වන බව නිවේදනය කළ සතියේම වසර තුනක ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම් ලබා දෙන බවයි.

මෙම වසරේදී සැම්සුන්ග් විසින් තෝරාගත් උපාංගවලට වසර 4ක් බලපැවැත්වෙන අමතර ආරක්ෂක යාවත්කාලීනයන්(security Updates) ලබාදීමට කටයුතු කලේය.

වසර තුනක මෙහෙයුම් යාවත්කාලීනයන් මීට පෙර බොහෝ ඇන්ඩ්‍රොයිඩ් නිෂ්පාදකයින්ගේ ප්‍රමිතිය වූ වසර දෙකක කාලය තුළ විශාල දියුණුවක් ලබා ගෙන ඇති නමුත් අනාගතයේදි මෙය වසර 4තරම් දිගු විය හැකිය.

පසුගිය දෙසැම්බරයේ ගූගල් සහ චිප් නිෂ්පාදක ක්වාල්කොම් (Google and chip manufacturers qualcomm) නිවේදනය කළේ නිෂ්පාදකයින්ට four generation ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහ ආරක්ෂක යාවත්කාලීනයන් ලබා දීම Qualcomms latest flagship processor,snapdragon 888 යටතේ ආරම්භ වනු ඇති බවයි.

Vivo හි නව policy සෙසු BBK ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට්ෆෝන් වෙළඳ නාම වන OnePlus සහ Oppo වලට වඩා ඉදිරියෙන් සිටී.

2018 වන විට OnePlus හි නිල ප්‍රතිපත්තිය වී ඇත්තේ වසර දෙකක ඇන්ඩ්‍රොයිඩ් අනුවාද වැඩිදියුණු කිරීම් සහ වසර තුනක ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලබා දීමයි.

 

Article written by  Sahan Nimesha Samarakoon