Categories

Electronic Arts විසින් ඩොලර් බිලියන 1.4කට Playdemic මිලදී ගනියි.

Electronic Arts විසින් Mobile Game Studio එකක් වල Playdemic ඩො.බිලියන 1.4ක⁣ට මිලදී ගෙන තිබෙනවා.

ඔවුන්ගේ විශාලතම මිලදී ගැනීම වන ග්ලූ මොබයිල් සමාගම ඩොලර් බිලියන 2.4 ක⁣ට මිලදී ගත් පසු Electronic Arts බදාදා නිවේදනය කලේ තමන් Warner bros games හි gaming studio එකක් වන Playdemic ද ඩොලර් බිලියන 1.4කට මිලදී ගන්නා බවයි.

Electronic Arts යනු ඩොලර් බිලියන 40ක පමණ වෙලදපල අගයක් ඇති දෙවන විශාලතම බටහිර වීඩියෝ ක්‍රීඩා සමාගම වන අතර ඔවුන්ගේ සාර්ථකත්වය බොහෝ දුරට ලබාගෙන තියෙන්නෙ desktop හා console යන Title වලින්.

ඒ වගේම 2021 දී ඩොලර් බිලියන 5ක් පමණ වටිනා ප්‍රධාන අත්පත් කරගැනීම් 3ක් ප්‍රකාශයට පත් කරලා තියනවා.