Categories

ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතයෙන් iPhone නිපදවීමේ සූදානමක්.

ඇපල් කියන්නෙ හැම වෙලාවෙම ප්‍රතිචක්‍රිකරණය කලහැකි ද්‍රව්‍ය වලින් සිය නිශ්පාදන නිපදවන්න නැඹුරු උන සමාගමක්නෙ.
ඉතින් ඇපල් ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් විසින් අනාගත අයිෆෝන් සම්පූර්ණයෙන් ප්‍රතිචක්‍රිකරණය කරන ලද ද්‍රව්‍ය වලින් නිපදවීමට අපේක්ෂා කරන බව තහවුරු කර තිබෙනවා.

මැතකදි පැවති Vivatech 2021 සමුලුවෙදී ගෝලීය සමාගමක් වන Brut හි CEO Guillaume Lacroix සමග සම්මුඛ සාකච්චාවකට Cook කැදවා තිබුනා. එහිදි ඇපල්හි පාරිසරික තිරසාර ඉලක්කය සපුරා ගැනීමේ සැලසුම් ගැන ලැක්‍රොයික්ස් වැදගත් ප්‍රශ්නයක් විමසු අතර එයට
පිලිතුරු වශයෙන් Cook ආරම්භ කලේ සිය අභ්‍යන්තර මෙහෙයුම් සදහා පුනර්ජනනීය බලශක්ති භාවිතා කරන බැවින් ඇපල් සමාගම දැනටමත් Carbon-neutral සමාගමක් බවයි. එසේම 2030 වන විට සමස්ථ පරිසර පද්ධතියටම සැපයුම් දාමයේ සිට අවසාන පරිශීලකයා දක්වා Carbon-neutral කිරීම සමාගමේ සැලසුම බවත් එහිදි පැවසුවා.

සිය මෙහෙයුම් සදහා 100% පුනර්ජනනීය බලශක්තීන් භාවිතා කිරීම ආරම්භ කිරීමෙන් පසු එය සැපයුම්කරුවන්ටද කරන ලෙස බලපෑම් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කල අතර සැපයුම්කරුවන් 100ක⁣ට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් Carbon-neutral වීමට අත්සන් තබා තියෙනවා.

ප්‍රතිචක්‍රිකරණය කරන ලද අැලුමිනියම් වලින් 40% හා 98% වඩා ප්‍රතිචක්‍රිකරණය කරන ලද ඛනිජ පස් අඩංගු iphone 12 series එක ඔහුඋදාහරන ව⁣ශයෙන් ලබා දුන්නා.

එ් වගේම ඔයාලා දකින්න ඇති අයිෆෝන් හා ඇපල් වොච් වලට Charging adapter එකක් ඇතුලත් කිරීම ඇපල් නවතා තිබුනා. කර්මාන්තයේ ප්‍රවණතාවක් ආරම්භ කල මෙම පියවර වන්නේ 2030 වන විට සමාගමට පාරිසරික තිරසාර ඉලක්කය සපුර ගැනීමට උපකාර කිරීමයි.