Categories

Apple විසින් iPhone 12 mini දුරකථන නිපදවීම නවත්වයි.

වෙළදපලේ Compact Smartphones වලටඇති පිස්සුව නිසාම ඇපල් විසින් 12 series එකේ කොටසක් විදියට 12 mini එක නිකුත්කරා.
සමාගම මුලින් සිතුවේ new design හා powerful internal සමග iPhone SE ආකෘති සාධකයක් සොයන්නන් අතරෙ මේක ජනප්‍රිය වෙයි කියලා.
ඒ උනාට ඇපල්ගේ අනාවැකිය ඵලදායි නොවෙන්න ගත්තා මොකද වෙළදපලේ 12 mini වලට ඇති ඉල්ලුම එන්න එන්නම පහල වැටුන හින්දා.
iPhone 12 series එකෙහි අ⁣නික් මාදිලි තරම් විකුණුම් වර්ධනයක් ගෙන ඒමට 12 Mini හට නොහැකි උනා.
උදාහරණයක් විදියට iphone 12 හා 12 pro max ලෝකෙ පුරාම උණු කැවුම් වගේ අලෙවි උනා වගේම ඉන්දියාව වගේ රටවල් වල වාර්තාගත විකුණුම් ලබාගැනීමට සමත් උනා.

මේවාට සාපේක්ෂව 12 Mini දේශීය හා විදේශීය වෙළදපල තුල බලාපොරොත්තු සුන් කරමින් පහත වැටුනා. විශාල වට්ටම් ලබාදුන්නත් සමස්ථ විකුණුමම එක තැන පල් උන එක විතරයි උන.
තායිවානයේ පර්යේෂණ ආයතනයක් TrendForce නව වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ ඇපල් සමාගම දැනටමත් iphone 12 mini නිශ්පාදනය නතර කර ඇති බවයි.
ඒ වගේම සුප්‍රසිද්ධ ඇපල් විශ්ලේෂක Ming Chi Kuo ප්‍රකාශ කලේ 2022 ඇපල් අයිෆෝන් පෙලට කිසිදු Mini version එකක් ඇතුලත් නොවන බවයි