Categories

Adobe photoshop web සදහා එන FREEMIUM

Adobe ගිණුමක් ඇති ඕනෑම කෙනෙකුට නොමිලේම photoshop හී web version ලබා දීමට Adobe විසින් සැළසුම් කරනවා.
දැනට සමාගම කැනඩාවේ Adobe photoshop හී web client සදහා freemium model එකක් අත්හදා බලමින් සිටිනවා.

කෙසේ වෙතත් සමාගම විසින් මෙම software එකේ සමහර විශේෂාංග නොමිලයේ සැපයීම සීමා කර ඇති අතර, Adobe පවසන්නේ පරිශීලකයින්ට රූප සංස්කරණය කිරීමේ මූලික කාර්යයන් ඉටු කිරීමට ප්‍රමාණවත් තරම් නොමිලේ මෙවලම් වෙත ප්‍රවේශය ලබා ගත හැකි බවයි.
දැනට මෙය කැනඩාවට සීමා වී ඇති අතර adobe විසින් ඉදිරියේදී අනෙකුත් රටවල් සදහාත් freemium එක නිකුත් කිරීමට අපේක්ශා කරනවා.

adobe photoshop web version එක ගිය අවුරුද්දේ අග නිකුත් කළ අතර කාලයත් සමග ක්‍රමයෙන් ඒ සදහා විවිධ විශේශාංග එකතු කර තිබෙනවා. ඒ අතර curves, refine edge, ‘doge and burn tools,’ සහ Smart Objects convert කිරීමේ හැකියාවන්ද ඇතුළත් වෙනවා.

කෙසේ වෙතත් අනෙකුත් රටවල් සදහා මේ freemium එක නිකුත් කරන දිනයක් දැනට ප්‍රකාශ කර නැහැ.

 

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.