Categories

Samsung සදහා එන Samsung Pay

Smasung විසින් Galaxy පරිශීලකයන් හට ඔවුන්ගේ digital key, ID cards සහ තවත් බොහෝ දේ එක් ජංගම යෙදුමක ගබඩා කර කළමනාකරණය කිරීමට digital wallet එකක් නිකුත් කර තිබෙනවා. මෙමගින් samsung අරමුණු කරන්නේ සිය ජංගම පරිශීලකයින්ට අත්‍යවශ්‍ය digital key සහ අනෙකුත් documents තුළට ඔවුන්ගේ උපාංග වලින්ම පහසුවෙන් ප්‍රවේශ වීමට සරල සහ ආරක්ෂිත platform එකක් සැපයීමයි.

එසේම මෙම Digital wallet එක එහි අභ්‍යන්තර ආරක්ශක ශේණියේ ආරක්ශක පද්ධතිය වන Samsung Knox මගින් ආරක්ශා කර ඇති බවද ඔවුන් පවසනවා.

මෙම නව Samsung wallet එක මගින් පරිශීලකයන්ට ඔවුන්ගේ payment cards, loyalty, membership cards සහ තවත් බොහෝ දේ පහසුවෙන්ම ගබඩා කිරීමට සහ ප්‍රවේශ වීමට හැකි ආකාරයේ swipe-based interface එකකින් නිර්මාණය කර තිබෙනවා.
මෙය samsung pass සදහා සහය දක්වනවා. එනම් samsung wallet මගින් යෙදුම් සහ වෙබ් අඩවි සදහා පහසුවෙන් log in වීමට හැකි ලෙස මුරපද ගබඩා කල හැකියි.

එසේම මෙම wallet යෙදුම Samsung SmartThings සදහාත් සහය දක්වනවා. ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ Galaxy උපාංග සමඟ පහසුවෙන් දොරවල් අගුළු දැමීමට හෝ අගුළු හැරීමට සහය දක්වන ගෘහ-ආරක්ෂක පද්ධතිවල ඩිජිටල් යතුරු ගබඩා කිරීමට හැකි වෙනවා. එසේම මෙම Wallet යෙදුම , පරිශීලකයින්ට ඔවුන්ගේ Galaxy ස්මාර්ට්ෆෝන් සමඟ ඔවුන්ගේ මෝටර් රථ අගුළු දැමීමට/අගුළු හැරීමට, ඔවුන්ගේ එන්ජින් ආරම්භ කිරීමට සහ තවත් බොහෝ දේ සදහා ඉඩ දෙන, තෝරාගත් BMW,Genesis සහ Huundai මාදිලිවල මෝටර් රථ යතුරු සදහා සහය දක්වන බවද samsung පවසනවා.
මෙය Apple තුළ ඇති Apple’s Carkey UI එකට සමාන වෙනවා.

Samsung Wallet දැනට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සදහා නිකුත් කර ඇති අතර තවමත් අනෙකුත් රටවල් සදහා නිකුත් කර නැහැ.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.