Categories

CMOS backup battery for powering BIOS settings and real-time clock circuit on a modern black motherbord. Computer mainboard circuit components. Desktop PC hardware components. Close-up.

CMOS කියන්නේ මොකක්ද ?

ඔයාගේ පරිගණකය හරියට boot වෙන්නේ නැත්නම් වගේම ඩිස්ප්ලේ එකේ මුකුත් පෙන්නන්නෙ නැත්නම් බොහෝ අය ඔයාට කියලා ඇති CMOS එක අයින් කරලා අලුත් එකක් දාන්න කියලා. ඒත් ඔයා දන්නවද මොකක්ද මේ CMOS කියන්නේ සහ මොනවද ඒකෙන් වෙන්නෙ කියන එක.

CMOS එහෙමත් නැත්නම් ( Complementary Metal-Oxide-Semiconductor) කියන්නේ motherboard තුළ තියෙන කුඩා memory එකක්. “sea-moss” ලෙස උච්චාරණය කරන මේ CMOS Battery එක තුළ system date and time,hardware configuration ඇතුළත් BIOS සහ UEFI settings ගබඩා කර තිබෙනවා.
මේක CMOS RAM,BIOS RAM සහ වාශ්පශීලි නොවන මතකය ලෙසත් හදුන්වනවා.

CMOS බොහෝ විට වින්ඩෝස් පරිගණක සමග සම්බන්ධ වන අතර mac සමග සම්බන්ධ වන්නේ NVRAM හෝ PRAM යන දෙකයි.

CMOS Battery කියන්නෙ මොකක්ද ?

CMOS Battery කියන්නේ ඔයාගේ මදර්බෝඩ් එකේ තියෙන CR2032 කියන ලිතියම් බැටරියක්. පරණ motherboard වල BIOS සැකසුම් ගබඩා කරන්න වාශ්පශීලී මතකයක් භාවිතා කල නිසා එයම CMOS බලගන්වන්නත් භාවිත කරා. ඒත් මේ වාශ්පශීලී මතකයේ තියෙන දත්ත විදුලිය නැති වීමකදි නැති වෙන නිසා පසුව, පරිගණකය වසා දැමූ විට හෝ විදුලිය නැති විට පවා memory සදහා විදුලිය ලබා දෙන්න මේ battery භාවිතා කරන්න පටන් ගත්තා.

කොහොම උනත් වර්ථමානයේ තියෙන නවීන UEFI motherboard වල UEFI configuration data ගබඩා කිරීම සදහා non-volatile memory හෝ NVRAM භාවිතා කරනු ලබනවා. මෙම non-volatile memory සහ NVRAM හට විදුලිය සැපයීමකින් තොරවත් දත්ත රදවා ගැනීමේ හැකියාවක් පවතිනවා.

බොහෝ CMOS Batteries පරිගණක භාවිතය අනුව අවුරුදු 2-10 අතර කාලයක් පවතිනවා.
ඒත් ඔයාගේ පරිගණකය පණගන්වන විට වැරදි system date and time පෙන්වයි නම් හෝ hardware compatibility දෝශ වලට මුහුණ දෙනවා නම් එහි තේරුම ඔයාගේ motherboard එකේ CMOS Battery එක replace කල යුතු බවයි.

එසේම ක්‍රියා නොකරන CMOS Battery එකක අනෙකුත් දෝශ ලෙස boot process හී ගැටළු, මව් පුවරුවෙන් නිරන්තරයෙන් නිකුත් වන බීප් ශබ්ධය හදුන්වන්න පුලුවන්. ඒ වගේම  “CMOS Read Error,” “CMOS Battery Failure,” සහ “CMOS Checksum Error.” යනුවෙන් errors ද පෙන්වනු ලබනවා.

ඉතින් ඉහත තියෙන දෝශ ඔයාගේ පරිගණකය තුළ නැත්නම් CMOS Battery කියන්නේ ඔයාට වදවෙන්න අනවශ්‍ය කාරණාවක්. ඒ errors එනවා නම් ඔයාට කරන්න තියෙන්නේ CMOS Battery එක මාරු කරන්න විතරයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.