Categories

iPhone එකේ whatsapp backup එක stuck වෙනවද ?

iphone වල whatsapp එක backup කරන්න තියෙන්නේ පහසු ස්ටෙප් එකක්. backup වෙන්න ඔනි දිනපතාද/සතිපතාද කියලා තේරීමෙන් අපිට backup කරගන්න පුලුවන්.

ඒත් iPhone පරිශීලකයින් බොහෝ පිරිසක් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් whatsapp backup කරද්දි ඒක stuck වෙනවා කියලා. ඔයත් ඒ ගැටළුවට මුහුණ දෙනවද ? එහෙනම් පහළ පියවර මගින් ඔයාට මේ ප්‍රශ්ණය විසදගන්න පුලුවන්.

 

01. icloud storage පරික්ශා කිරිම

iphone වල whatsapp backup එක stuck වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ icloud storage ප්‍රමාණයවත් නොවීම. apple විසින් නොමිලේ 5GB cloud storage එකක් නොමිලේ ලබා දෙනවා වගේම ඔයා සතුව icloud+ plan එකක් තිබුණත්, iCloud තුළ whatsapp backup සදහා ප්‍රමාණවත් තරම් ඉඩක් නැත්නම් මේ විදියට stuck වෙනවා.

 

  • settings වලට ගොස් apple id එක ටැප් කරන්න.

 

  • ඊලගට icloud වෙත ගොස් ඉහළින්ම iCloud තුළ කොපමණ ඉඩ ප්‍රමාණයක් ඉතිරි වෙලා තියෙනවද කියලා බලන්න.

වට්සැප් බැකප් සදහා ප්‍රමාණවත් ඉඩ ප්‍රමාණයක් නැති නම් ඔයාට iClod එකෙහි තියෙන සමහර දේවල් delete කරන්න පුලුවන්. නැත්නම් iCloud එක upgrade කිරීම මගින් ඉඩ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්.

 

02. cellular Data/Wi-Fi අක්‍රීය කර නැවත ක්‍රියාත්මක කිරීම

whatsapp backup සදහා stable කනෙක්ශන් එකක් අවශ්‍ය නිසා දුර්වල data හෝ Wi-Fi කනෙක්ශන් එකක් නැති බව තහවුරු කරගන්න ඕනි. දුර්වල කනෙක්ශන් එකක් තියෙනවා කියල හිතනවනම්,

 

  • settings වෙත ගොස් Wi-Fi සහ mobile data ටොගල් disable කරන්න.

  • ඊලගට ෆෝන් එක restart කරලා enable කරන්න.

 

03. Wi-Fi assist සක්‍රීය කිරිම

ඔයාගේ ෆෝන් එක Wi-Fi වලට connect වී නොමැති විට හෝ Wi-Fi කනෙක්ශන් එක දුර්වල වූ විට ස්වයංක්‍රීයවම cellular data භාවිතා කරන “Wi-Fi assist” යනුවෙන් හදුන්වන ෆීචර් එකක් iOS සදහා තිබෙනවා.

මේක සක්‍රීය කිරීම මගින් දුර්වල Wi-Fi කනෙක්ශන් එකකදී ඔයාගේ whatsapp backup එක නවතින්නේ නැති බව තහවුරු කරගන්න පුලුවන්.

 

  • settings වෙත ගොස් mobile data ටැප් කරන්න.

 

  • දැන් පහළ ඇති Wi-Fi assist කියලා ටොගල් එකක්.ඒක සක්‍රීය කරන්න.

 

 

04. iCloud සදහා whatsapp backup අක්‍රීය කර නැවත සක්‍රීය කිරීම

iCloud සදහා whatsapp backup වීම අක්‍රීය කර නැවත සක්‍රීය කිරීම මගිනුත් මේ stuck වෙන එක සකසගන්න පුලුවන්.

 

  • settings වලට ගොස් ඔයාගේ නම tap කර icloud වෙත යන්න. ඉන්පසු පහළට ගොස්  whatsapp සොයාගෙන එම ටොගලය අක්‍රීය කරන්න.

  • පසුව ෆෝන් එක restart කර නැවත ඉහල පියවර මගින් whatsapp වෙත ගොස් ටොගලය සක්‍රීය කරන්න.

 

05. whatsapp යෙදුම update කරන්න

whatsapp backup එක stuck වෙන්න තවත් හේතුවක් තමා whatsapp යෙදුම update නොවී තිබීම. මේ නිසා ඔයාගේ whatsapp යෙදුම update කර ඇති බවට වග බලා ගන්න.

 

  • app store වලට ගොස් ඔයාගේ profile එක tap කරන්න.

  • දැන් පහළට ගොස් whatsapp සොයාගන්න. දැන් ඉදිරියෙන් ඇති update එක tap කරන්න.

 

ඔයාට එතන open කියලා පෙන්නනවනම් ඒකෙ තේරුම ඔයා දැනටමත් lastest version භාවිතා කරනවා කියන එක.

 

06.iCloud එකෙහි කිසිම outage එකක් නැති බව පරික්ශා කරගන්න

ඔයාගේ iCloud එකේ කිසිම outage එකක් නැහැ කියල චෙක් කරගන්න වෙබ් බ්‍රව්සර් එකකින්   මෙම සයිට් එකට ගොස් iCloud backup එක green කලර්ද කියලා බලන්න.

මේක තැඹිලි පාටින් පෙන්නනවනම් එයින් අදහස් කරන්නේ iCloud backup එකේ තාක්ශණික දෝශයක් තියෙනවා කියන එක. එහෙම තත්වයක් තියෙනවනම් apple විසින් ඒක විසදනකම් ඔයාට ඉන්න වෙනවා.

 

07. පරණ iCloud backup delete කිරීම

icloud එකෙහි අවශ්‍ය තරම් ඉඩ ප්‍රමාණයක් නැත්නම් ඔයාට iCloud වල තියෙන පරණ backup ඉවත් කරන්න පුලුවන්.

 

  • settings වලට ගොස් apple id බැනර් එක tap කරලා icloud වෙත යන්න.

  • ඊලගට manage storage ගොස් backup තෝරන්න.

  • දැන් ඔයාට අවශ්‍ය නැති පරණ backup එක tap කරලා යට තියෙන delete backup දෙන්න.

 

08. ඔයාගේ iphone එක update කරගන්න

ඔයාගේ whatsapp backup තවමත් stuck වෙනවා නම් ඔයාගේ iphone එකේ software update පරීක්ශා කරන්න.

 

  • settings වලට ගොස් general යන්න.

  • පසුව software update වෙත ගොස් iOS නවතම version එක download කරගන්න.

 

 

 

ඔයාගේ whatsapp backup එක stuck වෙනවා නම් පරික්ශා කරන්න පුලුවන් ක්‍රම ඉහළ තියෙනවා. ඉතින් ඔයාට මේ ප්‍රශ්ණය තියෙනවනම් ඉහළ පියවර අනිගමනය කරලා විසදගන්න පුලුවන්.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.