Categories

පෘතුවියේ ඇති වැදගත් දත්ත සදෙහි තැන්පත් කිරීමට startup සැරසෙයි

ඉදිරි දවසක පාරිභෝගිකයන් හට සද මත ඇති servers තුළ තමන්ගේ වටිනා දත්ත ගබඩා කිරීමට ලබා දීම lonestar අරමුණු කරගෙන තිබෙනවා. මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේ පෙනුනත් වර්ථමානයේ පවතින තාක්ශණයත් එක්ක ඒක අමාරු දෙයක් නම් නෙමේ.

ලෝන්ස්ටාර් හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝපර් ස්ටොට් පවසන්නේ “අපගේ වටිනාම වත්කම්, අපගේ දැනුම සහ අපගේ දත්ත පෘථිවියේ තබා ගැනීම මට සිතාගත නොහැකි දෙයකි. “අපි අපේ වත්කම් අපේ ග්‍රහලෝකයෙන් ඔබ්බට තැබිය යුතුයි, එහිදී අපට එය ආරක්ෂිතව තබාගත හැකියි,” යනුවෙනුයි.

පෘතුවියෙන් එහා දත්ත ගබඩා කරනවනම් එයට සද තරම් හොද තවත් තැනක් නැහැ.
එහෙත් lonestar හට මුහුණ දීමට උච්චාවචනය වන උෂ්ණත්වයන් මෙන්ම කොස්මික් සහ සූර්ය විකිරණ ඇතුළු අභියෝග රාශියක් සද තුළ තිබෙනවා. මෙය මග හරවා ගැනීමට එක් ක්‍රමයක් ලෙස සදෙහි පෘශ්ඨයට යටින් ඇති ලාවා නල වල සර්වර් ගබඩා කිරීම පිලිබදව ස්ටොට් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම ගමන් මාර්ග චන්ද්‍ර ජනපද සඳහා භූගත කඳවුරු ලෙසත්, ක්ෂුද්‍ර උල්කාපාත බලපෑම්වලින් සහ වෙනත් අභ්‍යවකාශය මත පදනම් වූ උපද්‍රවයන්ගෙන් වැසියන් ආරක්ෂා කිරීම සඳහාත් භාවිතා කළ හැකි බවයි.

2024 දී තමන්ගේ hardware යැවීමට ප්‍රථම මෙම වසර අගදී මෘදුකාංග පදනම් කරගත් පරීක්ශණයක් සිදු කිරීමට startup බලාපොරොත්තු වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.