Categories

සැබෑ කටහඬද නැත්තම් deepfake ද ?

මිනිසුන්ට AI යොදාගෙන නිර්මාණය කළ voice sample හතරෙන් එකකට වඩා හඳුනාගත නොහැකි බවට පර්‍යේශකයන් අනතුරු අඟවා තිබෙනවා.

Deepfake තාක්ශණය යොදාගෙන සැබෑ පුද්ගලයෙකුගේ කටහඬ හෝ පෙනුම අනුකරණය කරමින් ව්‍යාජ වීඩියෝ හෝ වොයිස් ක්ලිප් සකස් කරන අතර විද්‍යාඥයන් පවසන්නේ ඉදිරියේදී අපරාධකරුවන් විසින් මුදල් වංචා කිරීම සඳහා මෙවැනි තාක්ශණයන් යොදා ගත හැකි බවටයි.

මිනිසුන්ගෙන් 27% පමණ සැබෑ කටහඬක සහ Deepfake යොදා සකස් කළ කටහඬක වෙනස හඳුනා ගත නොහැකි බවට ඔවුන් සොයාගෙන තිබෙනවා.

මීට පෙරදී ව්‍යාජ ලෙස කටහඬ නිර්මාණය සඳහා සැබෑ පුද්ගලයෙකුගේ කටහඬේ සාම්පල දහස් ගණනක් අවශ්‍ය වූවත්, නවතම ඇල්ගොරිතම හරහා සැබෑ පුද්ගලයෙකු කතා කරන තත්පර 3ක voice clip එකක් භාවිතයෙන් ඔහුගේ කටහඬ නැවත ප්‍රති නිර්මාණය කළ හැකි වෙනවා.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.