Categories

Fuel pass එකෙ රෙජිස්ටර් වෙන්නෙ මෙහෙමයි..!

දැන් රජයෙන් තෙල් ලබාගන්න online qr පහසුකම දීල තියෙන්නෙ. තාමත් හුගක් අය දන්නැ මේක කරන හැටි ඉතින් ඒ අය මේක කියවන්න. රෙජිස්ටර් වෙන හැටි සම්පූර්ණ විස්තරය දාලා තියෙන්නෙ.

01. මේ ලින්ක් එකෙන් සයිට් එකට යන්න..
https://fuelpass.gov.lk/

02. අවශ්‍ය භාෂාව සිලෙක්ට් කරල register කියන බටන් එක ඔබන්න.


03. මෙතනදි මෙනු එකක් එනව පහල පොටෝ එකේ විදියට

 


එතනින් ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දෙන්න.
Passport අංකෙ දෙනවනම් දකුණු පැත්තෙ තියන NIC කියන එක passport කියන එකට දාන්න.

04.. ජංගම දුරකථන නම්බර් එක දාලා, Send OTP ඔබන්න. එතකොට ඒ නම්බර් එකට message එකක් එනව. ඒ ආපු අංකෙ ගහල verify කියන එක ඔබන්න.

05. දැන් පහලින තමන්ගෙ නම දාලා ගෙදර ඇඩ්‍රස් එක දෙන්න.

06 දැන් next කියන එක දෙන්න.

 

දැන් ඔයාලට පහල තියනව වගේ අලුත් මෙනු එකක් එනව.


07. වාහනේ නම්බර් එක දාන්න. (Abc – 1234 අංකෙනම් පලවෙනි කොටුවෙ abc කියන නම්බර් එකයි දෙවෙනි කොටුවෙ 1234 කියන නම්බර් එකයි)

08. වාහනේ වර්ගය තෝරන්න.

09. වාහනේ චැසි අංකය දෙන්න.

UPDATED………………..

මෙතනදි ඔයාලට ඕනනම් චැසි අංකෙ නැතුව අාදායම් බලපත්‍ර අංකෙනුත්  රෙජිස්ටර් වෙන්න පහසුකම දීල තියෙන්නෙ.

කලින් චැසි නම්බර් එකෙන් රෙජිස්ටර් වෙද්දි අවුල් ආපු අය ආදායම් බලපත්‍ර අංකෙ දීල බලන්න.

10.අවශ්‍ය ඉන්ධන වර්ගය පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව ඔබන්න එතකොට ✔ ලකුනක් වැටෙනව එතන.

 

11. දැන් Register කියන එක ඔබන්න.

12. එතකොට මැද මෙනු එකක් එනවපහලින් දාලා තියනව වගෙ.

ඒකෙන් download qr කියන එක දෙන්න. එතකොට qr එක පොටො එකක් විදියට එනව ඔයාගෙ ෆෝන් එකට. ඒක තමන්ගෙ පොටෝ තියන ගැලරියෙ ඇති. එතනින් ඒ පොටෝ එක ඕනනම් කොමියුනිකේෂන් එකකට දීල ප්‍රින්ට් කරගන්න. නැත්තම් පොටෝ එක තියන් තෙල් ආපුවම ඒක පෙන්නල ගන්න පුලුවන්.

 

ඒවගේම මේක කරද්දි phone නම්බර් එක වෙරි්‍ෆයි කරල අනිත් විස්තර පුරවද්දි විනාඩි 20ක් ඇතුලත කරන්න. නැත්තම් පහල තියන විදියට errorcode එකක් එනව. ඒම ⁣උනොත් ආය මුලට ගිහින් කරන්න වෙනව

 

මේක පලවෙනි පාරට දෙන්නෙ එික හිංද හුගක් අය එකපාර ලොග් වෙන්න ගියා. ඒක නිසා මුල් හරියෙ සයිට් එක වැඩ නැතුව ගියා. දැන් ඒක හරිගස්සල තියෙන්නෙ. සමහර විට phone එකට otp එක එන්න චුට්ටක් වෙලා යයි.

 

මේක තාම රෙජිස්ට්‍රේෂන් යන්නෙ ඒක හින්ද තාම මේක පෙන්නල ගන්න බැහැ. රජයෙන් දවසක් කියයි. ඒ වගේම id අංකෙට අනුව දවස් වෙන්කරනව කියලත් කිව්ව. තමන්ට අදාල දවසෙිදි ගිහින් පෙන්නල ගන්න තියෙන්නෙ.s

 

 

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.