Categories

Facebook එකෙන් දුන්න free mode හා friend manage feature එක

Facebook එකෙන් මේ වෙනකොට විවිද විශේෂාංගය යන් පරික්ෂා කරමින් ඉන්නවා.
මැතක නිකුත්වුන Professional mode එක එයින් එකක්.
ඒ වගේම මොවුන් තවත් නව විශේෂාංග දෙකක් හදුන්වා දී තිබෙනවා.
ඒ Facebook free mode හා least interacted friends mange option එක.

Facebook free mode එක ගැන කතා කරොත්
මෙය කොටස් දෙකකින් යුක්තයි.
අප දැනට භාවිතා කරන mode එක වන Data mode හා Free mode ලෙස.
මෙම free mode එක මගින Data නොමැතිව වුවත් අපට Facebook භාවිතා කල හැකියි.
මේ සදහා ඔවුන් ලොවපුරා සිටින ඔවුන්ගේ ටෙලිකොම් හවුල් කරුවන් සමග ගිවිසුම් ගෙන තිබෙනවා.

මෙම free mode එක මගින් ඔබට කිසිදු ගාස්තුවක් නොමැතිව like,comment, share කරන්න වගේම FB Messenger පවා භාවිතා කිරීමට පුලුවන්.

කෙසේ නමුත් මෙහි ඇති එකම අවාසිය නම් නව photo හා video බැලීමට නොහැකි වීමයි.
( Data මගින් Load වී තිබූ පැරණි photo,video හැර)

දැනට මෙම free සේවාව Hutch මගින් ලබාදී තිබුනත් අනෙකුත් අන්තර්ජාල සැපයුම්කරුවන් ලබාදී නැහැ.
ඔවුන් facebook සමග හවුල් වුවහොත් අනෙකුත් පරිශීලකයන්ටත් මේක ඉදිරියේදී ලැබේවි.

මේ free mode එක භාවිතා කරන්න කැමතිනම් දැනටමත් ඒක facebook home screen එකෙහි Search bar එකට පහලින් බැනර් එකක් විදියට දිස්වනවා ඇති.

නැත්තම් ෆොන් එකේ ඩේට off කරල ආය facebook on කරහම එන බැනර් එකෙන් Go to free එකට ගිහින් මේක on කර ගන්න පුලුවන්.

එහෙම නැත්තම් menu එකට ගිහින් see more එකට ගියාම free basic කියන option එකට ගිහින් මේක on කරගන්න පුලුවන්.

මේක Off කරගන්න ඕන නම් facebook එකේ පහලට යද්දි photo වල see more photo කියන එක ක්ලික් කරහම Use data කියන option එකෙන් නැවත data mode වෙත මාරුවෙන්න පුලුවන්.

ඒ වගේම search bar එකට උඩින් තියන බැනර් එකෙ see photo කියන එකට ගිහිනුත් මේක off කර ගැනීමේ හැකියාව පවතිනවා.

ඔයාට මේ බැනර් එක අවශ්‍ය නැතිනම් Facebook setting වල privacy වෙත ගොස් Mobile center හි turn off facebook modes වෙත ගොස් turn off එකට ගිහින් බැනර් එක ඉවත් කරගන්නපුලුවන්.

 

Friend Manage feature

මේ Feature එකනම් හුගක්ම වටින feature එකක්.
මේකෙන් least interact friend ලව එහෙමත්නැතිතම් අපෙ post වලට අඩුවෙන්ම ප්‍රතිචාර දක්වන (like,comment) අයව Multiple select කරල unfriend කරන්න පුලුවන්.

මේක දැනට පරීක්ෂණ මට්ටමේ පවතින එකක් වෙන්න ඕන මොකද ඉතා සුලු පිරිසකට පමණයි මේක ලැබිල තියෙන්නෙ.

මේ Feature එකත් ඉදිරියෙදි ලැබෙන්න පුලුවන්.
පහල විඩියෝ එකෙන් දක්වල තියනව මේක ක්‍රියා කරන හැටි.

Sahan Samarakoon
Hi im Sahan Nimesha Samarakoon, and I am an undergraduate network engineer with a strong curiosity for science and technology. To further expand my knowledge and share my passion with others, I have embarked on a journey as a content writer at CyberYakku, a platform that allows me to explore and write about various topics in the field.