Categories

translation සහිත Google AR glass අගෝස්තුවේදී…

ඔයාලට මතක ඇති මීට කලින් මම නිව්ස් එකක් දැම්මා google AR glass පිළිබදව. දැන් google විසින් එම real-time language translation සහිත සරල design එකකින් සකසා ඇති google AR glass සැබෑ ලෝකයේ පරීක්ශා කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මෙලෙස සැබෑ ලෝකයේ පරික්ශා කිරීමට හේතුව ලෙස ඔවුන් පවසන්නේ, විද්‍යාගාර වල පරික්ශා කිරීම සීමා සහිත බවත් සැබෑ ලෝකයේ පරික්ශා කිරීම මගින් මෙම උපාංග මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට කෙසේ උදව් කරන්නේද යන්න පහසුවෙන් දැනගත හැකි බවත් ය.

මෙම google AR glass මගින් translation,transcriotion සහ navigation වැනි අත්දැකීම් ලබා දෙනවා. එසේම මෙම glass එකෙහි කාච තුළ සංදර්ශක ඇති අතර ශ්‍රව්‍ය සහ දෘශ්‍ය උපකරණ ලෙස කැමරාවක් සහ මයික්‍රෆෝනයක් අන්තර්ගත වෙනවා.

එම කැමරා, photos සහ videos ලබා ගැනීම සදහා සහය නොදක්වන අතර එය පරිවර්තනය සදහා පමණක් ක්‍රියා කරනු ලබනවා. උදාහරණයක් විදියට,
පුද්ගලයෙක් දේශීය භාෂාව නොතේරෙන රටක සිටිනවා නම්, ඔහුට කැමරාව භාවිත කර ඔහු ඉදිරියෙන් ඇති පුවරු වල අකුරු පරිවර්තනය කිරීමට හෝ අසල ඇති අවන්හලකට උපදෙස් ලබා ගැනීමට හැකියාව තියෙනවා.

මෙම glass වල experience සම්පූර්ණ වූ පසු, එම image data සියල්ලම delete වන බව google පවසනවා. එහිදී මුහුණු සහ වාහන අංක තහඩු අන්තර්ගත ඡායාරූප පළමුව delete කරන බවයි google පවසන්නේ.

google හී Group Product Manager වන Juston Payne පැවසුවේ අගෝස්තු මාසයේදි  එක්සත්  ජනපදයේදී AR glass සදහා කුඩා පරිමාණ පරීක්ශණ ආරම්භ කරන බවයි.

Chamika Samarakoon
"Hello, I'm Chamika sahan, a software engineering undergraduate with a passion for technology and a drive to innovate and enhance user experiences. Alongside my studies, I am currently leveraging my writing skills as a content writer for a prominent technology news and article website. This opportunity allows me to combine my love for technology with my talent for effectively communicating complex concepts in a clear and engaging manner.